කන්නන්ගරේ සංගීත ඒකකයට සිසුවෙක් ගිනි තියලා ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයෙ සංගීත ඒකකය ගිනි තබා වනසා ඇත්තේ එම පාසලේම 8 ශ්‍රේණීයෙ සිසුවකු යැයි සිදු කළ මූලික පරික්ෂණවලින් අනාරණය වූ බව පොලිසිය කියයි. 1 year ago
මන්ත්‍රීනි කෝකිලා රවිගෙන් සමාව ඉල්ලයි පුද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාද වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශයකින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට අපහාසයක් හෝ අගතියක් වූයේ නම් ඊට කොන්දේසි විරහිතව සමාව අයදින බව පොදු ජන එක්සත් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්රීනී කෝකිලා ගුණවර්ධන මහත්මිය කොළඹ දිසා අධිකරණය හමුවේ අද (06) සඳහන් කළාය. 1 year ago
ජනපති සටනට එන්නේ නෑ ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් පෞද්ගලික හේතුවක් මත තමා ඉදිරිපත් නොවන බව ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත. 1 year ago
බංග්ලාදේශය ඉක්මනින් හරි පාරට ඒවි බංගලාදේශ නැවත යථා තත්ත්වයට පත්වෙනු ඇති බවට තමාට සැකයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 1 year ago
ගංවතුර නැති කොලොන්නාවක් හදන්න නිර්දේශ 16ක් කොළොන්නාව ජල ගැලුම් තත්ත්වය වැළැක්වීම සඳහා සකස් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 year ago
මිල ප්‍රදර්ශනය කරනවා නම් පමණක් භාණ්ඩ ගන්න මිල ප්‍රදර්ශනය කරන වෙළෙඳසැල්වලින් පමණ භාණ්ඩ මිලදී ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී. අයි. උඩුවර මහතා පැවසීය 1 year ago
ප්‍රමිති සහතිකය අවභාවිත කළ යන්ත්‍ර සූත්‍ර කම්හලට මුද්‍රා එස්.එල්.එස්. ප්‍රමිති සහතිකය ලබා නොගෙන වසර අටක් තිස්සේ එම ලාංඡනය අවභාවිතා කරමින් දන්තාලේප නිෂ්පාදනය සඳහා යොදා ගත් යන්ත්‍ර සූත්‍ර මුද්‍රා තැබීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු අද( 6) සවස කටයුතු කළ හ. 1 year ago
සැප වාහන 7ක් රාජසන්තක කරන්න නියෝග 2018 වසරේ සිට 2024 වසර දක්වා රේගුවට හොර රහසේ ආනයනය කර රුපියල් කෝටි 25ක බදු ආදායමක් රටට අහිමි කළ රුපියල් කෝටි හතලිහකට අධික වටිනාකමින් යුත් වාහන හතක් අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අල්ලස් කොමිසමට අද නියෝග කළේය . 1 year ago
බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසිරුවයි අන්තර්වාර රජයක් පිහිටුවීමට අවස්ථාව ලබාදීම සඳහා බංග්ලාදේශ් 12 වැනි පාර්ලිමේන්තුව එරට ජනපති මොහොමඩ් ෂහාබුදීන් අද (06) විසිරුවා හැරියේය. 1 year ago
නාමල් ජාත්‍යන්තර කමිටුවෙන් ඉවත් වෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6) දැනුම් දුන්නේය. 1 year ago
අතුරුදන්ව වූ සේවකයාගේ සිරුර දුම්රිය අංගනයේ ළිඳක අතුරුදන්ව සිටි දෙමඩගොඩ දුම්රිය ධාවනාගාරයේ සේවකයාගේ සිරුර මාලිගාවත්ත දුම්රිය අංගනයේ ළිඳක තිබියදී සොයාගත් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 1 year ago
දේශපාලන පොරපිටියේ උණුසුම හෙට සිට ලංකාදීපයෙන් දිනෙන් දින උණුසුම්වන 2024 ජනපතිවරණ පොරපිටියේ විශේෂ සිදුවීම් සහිත විශේෂ පිටු හතරක අතිරේකය ලංකාදීප පුවත්පත සමග හෙට ඔබ අතට පත්වේ. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago