IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂවරයෙක් දසලක්ෂයක මුදල් අවභාවිත කරලා

(නිමල් ජයරත්න)

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි ආරක්ෂක අංශයේ සහකාර අධ්‍යක්ෂවරයකු 2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා රාජකාරි කළ වාහනය වෙනුවෙන් නිකුත් කරන ඉන්ධන ප්‍රමාණයට වඩා රුපියල් දස ලක්ෂ හැට තුන්දාස් නමසිය අසූ අටක ඉන්ධන තොගයක් භාවිතා කර, අධිකාරියට සිදුකර ඇති මූල්‍යමය අලාභය අභ්‍යන්තර විගණනයකින් හෙළි වී තිබියදි පරිවාස කාලය අවසන් වීමෙන් පසු ඔහුගේ සේවය ස්ථිර කරන බවට, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගෙන ඇති තීරණයට මහවැලි ආරක්ෂක නිලධාරීහු දැඩි විරෝධයක් එල්ල කරති.  

2023 මාර්තු 23 වෙනිදා සිදු කරන ලද විගණන විමසුම් වාර්තාවට අදාළව කරන ලද මූලික විමර්ශන වාර්තාවට අනුව ඔහු එම කාලය තුළන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් නිල රථයට ලබාදෙන ඉන්ධනවලට අමතරව රුපියල් දස ලක්‍ෂ හැට තුන්දාස් නවසිය අසූ අටක ඉන්ධන තොගයක් භාවිතා කර ඇති බවට හෙළිදරව් වී තිබේ.

මේ සම්බන්ධව 2025 මැයි 23 වෙනිදා පැවැති පොදු ව්‍යාපාර කාරක සභා වාර්තාවේදී කරුණු අනාවරණය වී තිබියදි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ, එච්.එම්.ජේ.කේ. හේ‍රත් මහතා විසින්, අදාළ මහවැලි ආරක්ෂක බළකායේ සහකාර අධ්‍යක්ෂවරයා අවභාවිතා කර ඇති මුදල් වලින් අඩක් ගෙවන ලෙසට ලිඛිතව දැනුම් දීමක්ද කර තිබිම හාස්‍යයට කරුණක් බවද මහවැලි ආරක්ෂක නිලධාරීහු පෙන්වා දෙති.

 



අදහස් (4)

මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂවරයෙක් දසලක්ෂයක මුදල් අවභාවිත කරලා

ලක්මව් ඛන්නා Thursday, 10 April 2025 07:59 AM

අපේ ගෝලයන්ගේ වැඩ. කාටද ආඩම්බර! !

:       0       12

Bunny Preena Thursday, 10 April 2025 09:42 AM

එහෙනම් ආයේ කතා දෙකක් නෑ මහවැලි අධිකාරියේ අධීක්ෂණය හැම වංචා වලට හවුල් ඇති... නැතිනම් මොකද භාගයක් ගෙවන්න කියන්නේ ඔවුන් දෙන්නාවම මහවැලියෙන් ගහලා පන්නන්න කියන්න

:       0       5

vernon Thursday, 10 April 2025 02:09 PM

අභ්‍යන්තර විගණනයකින් වෙන්නේ මෙන්න මෙහෙම දෙයක් නිරීක්ෂණය වෙලා කියන එක. එහෙම නැතුව ඒක විනය පරීක්ෂණයක් නොවේ. සේවකයාට එරෙහිව විනය පරීක්ෂණයක් නැත්නම්/චෝදනා පත්‍රයක් නිකුත් කරලා නැත්නම් සේවය තහවුරු කිරීමට තියෙන බාධාව මොකක්ද? අදාළ රථය නිලධාරියාට නිල වශයෙන් දීලා නම්, ඉන්ධන සීමාව ඉක්මවා රාජකාරී වැඩ වලට ගිහින් නම් අදාළ අමාත්‍යංශයෙන් හේතු කියලා අනුමැතිය ඉල්ලන්න පුළුවන්...

:       4       2

ලක්මව් ඛන්නාThursday, 10 April 2025 04:13 PM

Vernon, හොඳට පුරුදුයි වගේ. ඔය වගේ අය තමයි අපිට ගැලපෙන්නේ. මොකක් හරි හේතුවක් කියන්නනෙ තියෙන්නේ. එන්න නැවතත් රාජපක්ෂ යුගයක් උදාකරන්න එක්වෙමු. එතකොට අපි දෙගොල්ලොම සතුටෙන්.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site