
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
දසවැනි පාර්ලිමේන්තුව සඳහා වන ශ්‍රී ලංකා - ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා තේරී පත් විය.
ශ්‍රී ලංකා-ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කිරීමේ රැස්වීම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය මෙහි ආරාධිතාව ලෙස සහභාගී වූවාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා ශ්‍රී ලංකා-ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා ලෙස තේරී පත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd