
(සුජිත් හේවාජුලිගේ)
රජයේ නිලධාරීන්ට ගෙවිය යුතු අප්‍රේල් මස වැටුප අද (10) ගෙවීමට කටයුතු කළ යුතු නමුත් කිසියම් පිළිගත හැකි හේතුවක් මත සංශෝධිත වැටුප ගෙවීමට අපොහොසත් වුවහොත් මෙතෙක් හිමිවූ වැටුප අද දින අනිවාර්යයෙන්ම ගෙවීමට කටයුතු කරන්නැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස් ආලෝක බණ්ඩාර මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයකින් දැනුම් දී ඇත.
මේඅනුව නව වැටුප් සංශෝධනය අනුව අප්‍රේල් මාසය සඳහා ගෙවිය යුතු වැටුපෙහි හිඟ මුදල ලබන 25 දින ගෙවීමට කටයුතු කරන්නැයිද අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.
2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය කිරීමට අදාළව මෙම චක්‍රලේඛය නිකුත් කරනු ලැබ ඇත.
මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ යම් ආයතනයක නිලධාරීන්ට නව වැටුප අද ගෙවීමට යම් විදිහකින් හෝ නොහැකි වුවහොත් අනිවාර්යයෙන්ම මැයි මාසය වෙන තෙක් නොසිට මේ මාසයේම 25 වෙනිදා එම හිඟ මුදල ගෙවන ලෙස සියලු ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවයි.
බොහෝ ආයතනවල නව වැටුප් සංශෝධනය අනුව වැටුප් දැනටමත් සකස් කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද ඔහු සඳහන් කළේය.
යම් ආයතනයක නව සංශෝධනය අනුව වැටුප් සකස් කිරීමට තාක්ෂණික කාරණයක් හෝ වෙනයම් හේතුවක් මත හෝ නොහැකි වුවහොත් සේවකයන්ට අසාධාරණයක් නොවීම සඳහා මෙම චක්‍රලේඛය නිකුත් කළ බවද චන්දන අබේරත්න මහතා පැවසීය.
රජයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 24250 සිට 40000ක් දක්වා රුපියල් 15759කින් වැඩි කිරීමට අයවැය යෝජනාවලියෙන් යෝජනා කෙරිණ. දැනට පවතින තාවකාලික අතුරුදීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කෙරෙන අතර රුපියල් 8250ක සුද්ද වැඩිවීමක් මූලික අවම වැටුපට අදාළව සිදු කිරීමට යෝජනා කර ඇත.
රුපියල් 15750ක අවම අවම මාසික වැටුප් වැඩිවීමට අමතරව වාර්ෂික වැටුපාර්තකයේ වටිනාකම සියයට අසූවකින් ඉහල නැංවෙනු ඇත. ඒ අනුව රුපියල් 25 250ක අවම වාර්ෂික වැටුප වැටුප් වර්ධකය රුපියල් 450 දක්වා ඉහළ යන්නේය.
රාජ්‍ය අංශයේ සියලුම සේවකයන්ගේ වාර්ෂික වැටුප් වර්ධකය එම ප්‍රතිශතයට ගැලපීමටද කටයුතු කෙරේ රාජ්‍ය සේවකයන්ට මෙම වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් කෝටි 32500ක් වියදම් කිරීමට රජයේ අපේක්ෂා කරයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජයේ වැටුප් අද අඩමානයි
PGPTHILAK Thursday, 10 April 2025 10:26 AM
රජයේ සේවකයින් කියලා ඉන්න වංචාකාරීව පහසුවෙන් ජීවත්වෙන අය දැනටමත් ලක්ෂ ගන්න පඩි දීමනා රටට ඔරොත්තු නොදෙන මට්ටමක තියෙද්දී තවත් වැඩි කලේ ඇයි? දේශපාලන බලය ලබාගැනීමට හෝ ලබාගත් බලය ශක්තිමත් කරගැනීමට රටේ අනාගතය උගසට තබා රජයේ සේවකයින්ට අල්ලස්දීමේ පුරුද්ද පක්ෂ විපක්ෂ සියළු දේසපාලුවන් නවතා දැමිය යුතුයි!
Kanishka Rashantha Thursday, 10 April 2025 10:50 AM
ඔය හම්බුනේ යස අගේට.....
Prabath Thursday, 10 April 2025 11:13 AM
ඔන්න බලන්න, 25 දෙන්නෙත් නෑ වැඩි කළ වැටුප්! මොකද දැන ගන්නවානේ කොච්චර වැඩි උනාද කියලා. මෝඩ ගොන් රැලක් මේ ආණ්ඩුවේ ඉන්නෙ!
Lakmal - Katunayaka Thursday, 10 April 2025 11:26 AM
රජයේ සේවකයෝ සියයට 80 ඉන්නේ හරි හමන් වැඩක් නොකර මාසේ පඩිය ගන්න විතරක් බලාගෙන ඉන්න අය... ගන්න පඩියට වැඩක් කරන්න මනස හැදේවා...