රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පුරෝගාමී ආචාර්යවරයෙකු වු මහාචාර්ය නයන අලගියවන්න මහතා පසුගියදා හදිසියේ අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මොරටුව විශ්වවිද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු උපාධිය හැදෑරු මහාචාර්ය නයන අලගියවන්න මහතා, තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනයේ ශාස්ත්‍රපති උපාධිධරයකු ද ජපානයේ නගඔකා විශ්වවිද්‍යාලයේ
දර්ශනපති උපාධිධරයකු ද වෙයි. එතුමා 2001 වසරේ රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය අරඹා, එතැන් සිට විසි වසරක් පමණ දිගු කලක් රුහුණ විශ්ව විද්‍යාලයට සිය සේවය ලබා දුන්නේය.
රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විෂයාන්තර අධ්‍යයන අංශයේ අංශාධිපති ලෙස සිය නායකත්ව භූමිකාව ඇරඹු එතුමා,ඉන් අනතුරුව සිවිල් හා පාරිසරික ඉංජිනේරු අධ්‍යයනාංශයේ අංශාධිපති ලෙස සේවය කරමින් එහි දියුණුවට සිය දායකත්වය ලබාදුන්නේය.
මහාචාර්ය නයන අලගියවන්න රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨ මණ්ඩලය විසින් පත්කළ ප්‍රථම පීඨාධිපතිවරයා ද වන්නේය. 2007 වසරේ සිට පුරා වසර 6 ක් පීඨාධිපතිවරයා ලෙස කටයුතු කළ එතුමා, එවකට ආරම්භක අදියරෙහි තිබූ රුහුණ විශ්වවිද්‍යාලීය ඉංජිනේරු පීඨය නගා සිටුවීමෙහිලා කළ ප්‍රධාන මෙහෙවර අතර පීඨය මගින් එවකට පිරිනැමූ සියලු උපාධි පාඨමාලා අන්තර්ජාතික නියාමනයන්ට අනුකූලව අන්තර්ජාතිකව පිළිගත් පාඨමාලා (Accredited in compliance with Washington Accord) බවට පත්කිරීම, පීඨ සිසුන් වෙනුවෙන් පුස්තකාල පහසුකම් ලබා ගැනීම මෙන්ම ජපන් ශ්‍රී ලංකා සහයෝගීතාවයෙන් ඇරඹුණ SATREPSව්‍යාපෘතිය හරහා සිවිල් හා පාරිසරික ඉංජිනේරු අධ්‍යයනාංශයේ භු තාක්ෂණික ඉංජිනේරු පරේය්ෂණ අංශයේ දියුණුව වෙනුවෙන් කළ කටයුතු මූලික වේ.
2013 වසරේ සිට වසර 6 කාලයක් රුහුණ විශ්ව විශ්වවිද්‍යාලයීය නියෝජ්‍ය උපකුලපතිවරයා ලෙස සේවය කළ මහාචාර්ය නයන අලගියවන්න මහතා ශිෂ්‍ය සුබසාධන කටයුතු වෙත සිය උපරිම දායකත්වය ලබා දුන්නේය. පීඨය තුළ ශිෂ්‍ය නේවාසිකාගාර පහසුකම් වැඩි දියුණු කිරීම හා ක්‍රීඩා පහසුකම් වැඩිදියුණු කිරීම නියෝජ්‍ය උපකුලපතිවරයා ලෙස එතුමා විසින් පීඨයට ඉටුකළ ප්‍රධාන මෙහෙවර අතර වේ.
එමෙන්ම, ඉංජිනේරු පීඨය විසින් නාවික ඉංජිනේරු හා නාවික නිර්මාණ ශිල්පය පිළිබඳ අධ්‍යයනාංශය අරඹන අවස්ථාවේ එහි කටයුතු වෙනුවෙන් ද රුහුණ විශ්වවිද්‍යාලීය තාක්ෂණ පීඨය ඇරඹීම සඳහා ද සිය උපරිම දායකත්වය ලබා දුන්නේය.
රුහුණ විශ්වවිද්‍යාලය තුළ පමණක් නොව, වයඹ විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය තාක්ෂණ පීඨවල දියුණුව වෙනුවෙන් එතුමා කෘතහස්ත පිඨාධිපතිවරයෙකු හා අත්දැකීම් බහුල නායකයෙකු ලෙස එතුමාගේ නොමසුරු දායකත්වය ලබා දුන්නේය.
ශ්‍රී ලාංකිය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කළ එතුමා සිය සේවා කාලය තුළ ම සිය දිවියෙන් සමුගැනීම රුහුණ විශ්වවිද්‍යාලයට මෙන්ම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ම විශාල පාඩුවකි.
රුහුණ විශ්වවිද්‍යාලීය ඉංජිනේරු පීඨ කාර්ය මණ්ඩලය එතුමාගේ පවුලේ සාමාජිකයන්, හිතවතුන් වෙත සිය බලවත් ශෝකය පළ කරන අතර, එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරයි.
ඉංජීනේරු පීඨ සහෘද කාර්ය මණ්ඩලය
රුහුණ විශ්ව විද්‍යාලය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කර රජයට රුපියල් කෝටි 130කට අධ
සැමියාගේ අමානුෂික පිහි ප්‍රහාරයට ලක්ව බෑනා විසින් මළසිරුර දෙකට කපා පොහොර උර තුනක දමා ගෑන්ඩ්පාස් ස්ටේට් පුර කුණු ඇළට දැමූ කාන්තාවගේ සිරුරේ උඩු කොටස දි
අනුරාධපුර,යාපනය ඒ9 මාර්ගයේ රඹෑව ගංගාරාම විහාරස්ථානය ආසන්නයේ පෞද්ගලික බස් රථයක් ත්‍රී රෝදයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටි සිදුවු අනතුරකින් යතුරු පැදි
මානුෂිය මෙහෙයුමේදී ශ්‍රී ලංකා යුද හමුදාව මගින් අත්අඩංගුවට ගන්නා ලද රන් භාණ්ඩ දස දහසකට අධික සංඛ්‍යාවකින් සමන්විත රත්තරන් තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර
කළුතර ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ මධ්‍යස්ථානය පිහිටී තිස්ස ජාතික පාසලේ ඇතිව තිබෙන තදබදය හේතුවෙන් කළුතර හොරණ මාර්ගය නාගස් හන්දිය ගාලු පාරෙන් වසා දැමීමට ක
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ හැනොයි හි යුද විරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දිවි සැරිය නිමකළ මහාචාර්ය නයන අලගියවන්න