
බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ගර්භාෂය බද්ධ කෙරුණ් 36 හැවිරිදි ග්‍රේස් ඩේවිඩ්සන් නමැති කාන්තාවය. මැය උපත ලබා ඇත්තේ ගර්භාෂයක් නොමැතිවය.
ග්‍රේස් ඩේවිඩ්සන්ට බද්ධ කර ඇත්තේ එමී නමැති ඇගේ වැඩිමල් සොහොයුරියගේ ගර්භාෂය යැයි පැවැසෙයි. ඒ, 2023 වසරේදීය. එය බි්‍රතාන්‍යයේ පළමු වරට සිදු කළ සාර්ථක ගර්භාෂ බද්ධය විය.
සැත්කමින් වසර දෙකකට පසු මෙම වසරේ පෙබරවාරි මාසයේ ග්‍රේස් දියණියක ප්‍රසූත කළාය. එම දියණිය, එමී ඉසබෙල් යනුයෙන් නම් කිරීමට ග්‍රේස් පියවර ගෙන ඇත. ඒ, ඇයට ගර්භාෂය දුන් ඇගේ වැඩිමල් සොහොයුරිය සිහිකරමිනි.
ග්‍රේස් සහ සැමියා ඔවුන්ගේ අලුත උපන් දියණිය සමඟ ඡායාරූපයේ සිටිති. දකුණු කෙළවරේ සිටින්නේ ගර්භාෂය පරිත්‍යාග කළ ග්‍රේස්ගේ වැඩිමල් සොහොයුරිය ඒමී පෲඩීය.
(ද ගාඩියන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd