IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


යාපනයේ පාරක් වසර 34කට පසු මහජනයාට විවෘත වෙයි

( රොමේෂ් මධූෂංක)

යුද්දය හේතුවෙන් අධිආරක්ෂිත කලාපයක් වශයෙන් නම් කොට තිබූ පලාලි පේදුරුතුඩුව මන්සන්ධිය දක්වා වූ මාර්ගය වසර 34 කට පසුව අද (10) දින සාමාන්‍ය ජනතාවගේ ගමනාගමනය වෙනුවෙන් විවෘත කිරීමට යුදහමුදාව විසින් පියවර ගෙන තිබුණි.

යපනය පලාලි ප්‍රධාන මාර්ගයේ පිහිටි වාසවිලාන් මන්සන්ධියේ සිට පේදුරුතුඩුව පොන්නාලෙයි මන්සන්ධිය දක්වා ඇති කිලෝ මීටර් දෙකහමාරක දුර මාර්ගය මෙසේ විවෘත කෙරිණි.

පලාලි යුදහමුදා කඳවුරේ ඇති අධිආරක්ෂිත කලාපය හරහා  ඇති මෙම මාර්ගය විවෘතව තැබීමෙන් ජනතාවගේ ගමනාගමන කටයුතු ඉතා පහසු වෙයි.

කෙසේ වෙතත් විවෘත කරන ලද මාර්ගයේ ගමන් කරන මගීන්ට පිලිපැදිය යුතු කොන්දේසි 07ක් පමණ යුද හමුදාව විසින් දැනුම් දී ඇත. මාර්ගය විවෘතව පවතින්නේ උදෑසන 06 සිට සවස 5 දක්වා කාලය දක්වා පමණි.



අදහස් (6)

යාපනයේ පාරක් වසර 34කට පසු මහජනයාට විවෘත වෙයි

මුදිත් Thursday, 10 April 2025 09:49 AM

අධිආරක්‍ෂිත ප්‍රදේශවලට සිවිල්වැසියන්ට ඇතුල්වෙන්න අවසර තියෙනවා කියල අහල පුදුම හිතුන !!

:       44       7

Kanishka RashanthaThursday, 10 April 2025 10:53 AM

යුද්ධයක් නැතුව High Security Zones කියලා ලේබල් ගහගෙන ඉන්න එක තේරුමක් නෑ නේ...අනික සිංහල මිනිහට කොළඹ තියෙන High Security Zones open කරා නම් යාපනේ ඉන්න දෙමළ මනුස්සයටත් ඒවා open වෙන්න ඕනේ.....

:       5       35

Ahith Thursday, 10 April 2025 11:02 AM

ලංකාව ඉන්දියාව සමග යහපත් දේශපාලන සම්බන්ධතා පවත්වන තාක් ලංකාවේ යුද්ධයක් ඇති වන්නේ නැත.ස්ථිරයි තීන්දුයි.

:       2       20

අරවින්ද මොණරවිල Thursday, 10 April 2025 11:23 AM

දැන් රටේ යුධ තත්වයක් නැති නිසා කිසිම කොන්දේසියක් නැතුව ජනතාවට අයිති පාරවල් විවෘත කරන්න ඕනා, හමුදාව හා පොලීසියට හැකි විය යුතුයි ජනතාවට බදා නොවන ආකාරයට තමන්ගේ කදවුරු හා ස්ථාන ආරක්ෂා කර ගන්න.

:       4       18

Sarath Thursday, 10 April 2025 12:57 PM

යුද්ධය නතර කලේ අනුරද ?ඕපන් කරන්න

:       12       1

සෙනෙවිරත්න Thursday, 10 April 2025 02:03 PM

සරත්, ඉතින් යුද්ධය ඉවර කළා කියලා රටම සුද්ද කරපු කෙනාට කියන්න ඕක විවෘත කරන්න කියලා, අද පාරක බැහැලා යන්න බැරි හේතුව හංගන්න බැහැනේ...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඌව පළාත් ප්‍රධාන ලේකම්ට ඇප
2025 මැයි මස 05 128 0

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කර රජයට රුපියල් කෝටි 130කට අධ


දෙදරු මවගේ සිරුරේ කොටසක් දින 8කට පසු හමුවෙයි
2025 මැයි මස 05 274 0

සැමියාගේ අමානුෂික පිහි ප්‍රහාරයට ලක්ව බෑනා විසින් මළසිරුර දෙකට කපා පොහොර උර තුනක දමා ගෑන්ඩ්පාස් ස්ටේට් පුර කුණු ඇළට දැමූ කාන්තාවගේ සිරුරේ උඩු කොටස දි


රිය අනතුරින් අයෙක් මරුට: අයෙක් රෝහලට
2025 මැයි මස 05 423 0

අනුරාධපුර,යාපනය ඒ9 මාර්ගයේ රඹෑව ගංගාරාම විහාරස්ථානය ආසන්නයේ පෞද්ගලික බස් රථයක් ත්‍රී රෝදයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටි සිදුවු අනතුරකින් යතුරු පැදි


උතුරෙන් හමුවූ රන් බඩු ගැන විමර්ශන නියෝගයක්
2025 මැයි මස 05 478 2

මානුෂිය මෙහෙයුමේදී ශ්‍රී ලංකා යුද හමුදාව මගින් අත්අඩංගුවට ගන්නා ලද රන් භාණ්ඩ දස දහසකට අධික සංඛ්‍යාවකින් සමන්විත රත්තරන් තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර


කළුතර හොරණ පාර නාගස් හන්දියෙන් වහයි
2025 මැයි මස 05 1953 0

කළුතර ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ මධ්‍යස්ථානය පිහිටී තිස්ස ජාතික පාසලේ ඇතිව තිබෙන තදබදය හේතුවෙන් කළුතර හොරණ මාර්ගය නාගස් හන්දිය ගාලු පාරෙන් වසා දැමීමට ක


ජනපතිගෙන් හෝ චි මිං සොහොනට පුෂ්පෝපහාර
2025 මැයි මස 05 602 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ හැනොයි හි යුද විරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 693 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 181 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1214 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site