
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහු විසින් ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් රැසකට ප්‍රකාශයට පත් කළ තීරු බදු පැනවීම, දින 90 ක කාලයක් සඳහා අත්හිටුවා ඇත.
කෙසේ නමුත්, චීනයට එරෙහි පැනවූ තීරු බද්ද සියයට 125 ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කළේය. ඒ, චීනය ඇමෙරිකාවට එකට එක කිරීමක් ලෙස පැනවූ තීරු බදු සැලකිල්ලට ගනිමිනි.
ඇමෙරිකාව යළි ශ්‍රේෂ්ඨත්වයට පත් කරමින්, ඇමෙරිකාව පොහොසත් කිරීමේ අරමුණින්, ට්‍රම්ප් දුන් මැතිවරණ පොරෙන්දුවට අනුව, බදු පැනවීමට තීරණය කෙරුණු අතර, බදු පැනවීම් සිදු කරන බව නිවේදනය කළ සැණින්, ලෝකයේ සියලුම රටවල පාහේ කොටස් වෙළෙඳපොලවල් කඩා වැටීමට ලක්විය. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල පවා ශීඝ්‍රයෙන් පහළ ගියේය.
දැවැන්ත තීරු බදු පැනවීම හමුවේ ලොව බොහෝ රටවල් එම බදු ප්‍රතිශත සම්බන්ධයෙන් යළි සලකා බලන මෙන්, ට්‍රම්ප් පාලනයෙන් ඉල්ලා සිටි අතර, ශ්‍රී ලංකා රජය ද ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කළේය.
නව තීරු බදු මෙසේ දින 90 කට අත්හිටුවීම සිදුවුවත්, මූලිකව පැනැවූ සියයට 10 ක තිරු බදු එලෙසින්ම ක්‍රියාත්මක වන බව ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න දැන් මෙතැන වැලලිච්ච කට්ටියටත් දින 90ක විරාමයක්.
කොහොමද අපේ දුරදක්නා අත්දැකීම් සහිත සීය කජු කකා හිටියට වැඩ. එයා කතාකරන්න හිතුව විතරයි ට්‍රම්ප් බයවුනා.