
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහු විසින් ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් රැසකට ප්‍රකාශයට පත් කළ තීරු බදු පැනවීම, දින 90 ක කාලයක් සඳහා අත්හිටුවා ඇත.
කෙසේ නමුත්, චීනයට එරෙහි පැනවූ තීරු බද්ද සියයට 125 ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කළේය. ඒ, චීනය ඇමෙරිකාවට එකට එක කිරීමක් ලෙස පැනවූ තීරු බදු සැලකිල්ලට ගනිමිනි.
ඇමෙරිකාව යළි ශ්‍රේෂ්ඨත්වයට පත් කරමින්, ඇමෙරිකාව පොහොසත් කිරීමේ අරමුණින්, ට්‍රම්ප් දුන් මැතිවරණ පොරෙන්දුවට අනුව, බදු පැනවීමට තීරණය කෙරුණු අතර, බදු පැනවීම් සිදු කරන බව නිවේදනය කළ සැණින්, ලෝකයේ සියලුම රටවල පාහේ කොටස් වෙළෙඳපොලවල් කඩා වැටීමට ලක්විය. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල පවා ශීඝ්‍රයෙන් පහළ ගියේය.
දැවැන්ත තීරු බදු පැනවීම හමුවේ ලොව බොහෝ රටවල් එම බදු ප්‍රතිශත සම්බන්ධයෙන් යළි සලකා බලන මෙන්, ට්‍රම්ප් පාලනයෙන් ඉල්ලා සිටි අතර, ශ්‍රී ලංකා රජය ද ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කළේය.
නව තීරු බදු මෙසේ දින 90 කට අත්හිටුවීම සිදුවුවත්, මූලිකව පැනැවූ සියයට 10 ක තිරු බදු එලෙසින්ම ක්‍රියාත්මක වන බව ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තීරුබදුවලට ට්‍රම්ප්ගෙන් විරාමයක්
කව්ද බෝයි Thursday, 10 April 2025 09:53 AM
අන්න දැන් මෙතැන වැලලිච්ච කට්ටියටත් දින 90ක විරාමයක්.
වින්සන්ට් කජ්ජා Thursday, 10 April 2025 11:04 AM
කොහොමද අපේ දුරදක්නා අත්දැකීම් සහිත සීය කජු කකා හිටියට වැඩ. එයා කතාකරන්න හිතුව විතරයි ට්‍රම්ප් බයවුනා.