කෝටියකට වැඩි වටිනා සිගරැට් ගුවන්තොටෙන් මාට්ටු රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතික ව්‍යාපාරික අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පවසති. 21 June 2026
අදත් පළාත් කීපයකට වැසි වාර කිපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 21 June 2026
ඉරානය හෝමූස් යළි වහයි දකුණු ලෙබනනයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බව ඉරානයේ IRGC පවසයි. 20 June 2026
ඇමති බංගලා බෙදන්න පාලන කමිටුවක් ඇමති බංගලා විවිධ ව්‍යාපෘති සඳහා විධිමත්ව වෙන් කිරීම සඳහා පාලන කමිටුවක්(Steering Committee ) පත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත 20 June 2026
මාස හතකට පසු පොඩි මැණිකේ බදුලු යයි දිට්වා සුලි කුණාටුවෙන් මාස 7කට පසු නානුඔය දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා දුම්රිය ධාවන කටයුතු නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා සහ ඉහළ දිස්ත්‍රික් දුම්රිය විධායක ඉංජිනේරු - නානුඔය දනුෂ්ක මහතුන්ගේ ප්‍රධානත්වයෙන් අද (20) දින උදෑසන 9:00ට නානුඔය දුම්රිය ස්ථානයේන ආරම්භ කෙරිණ. 20 June 2026
තෙල් මිල අඩු කරනවාද නැද්ද: තීරණය මේ මස අග මැද පෙරදිග යුදමය තත්වයත් සමග ඉහළ ගිය ඩීසල් පෙට්‍රල් ඇතුළු ඉන්ධන මිල පහත දමනවාද නැද්ද යන්න ගැන මේ මස අග තීරණය කරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. 20 June 2026
අමාත්‍යංශ ලේකම්වරු ජනපති කාර්යාලයට කැඳවති ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 20 June 2026
ඩිජිටල් යුගයෙත් මනුස්සකම ඕනෑ ඩිජිටල් යුගයේදීත් රෝගී සත්කාරයේ මානුෂීය අගයන් ආරක්ෂා කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 20 June 2026
චීනයේ රොබෝවෙක් හිඟමනේ විවිධාකාරයේ මානවරූපි (මනුෂ්‍යයන්ට සමාන ලෙස හිසක්, අත පය සහ සිරුරුක් ඇති) රොබෝවරුන් චීනයේ දකින්න ලැබේ. චීනයේ එවැනි එක් රොබෝවකු මහ මඟ සිඟමනේ යෙදෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය (වයිරල්) වී ඇත. 20 June 2026
පාකිස්තානයේ ඉන්ධන මිල පහළට පාකිස්තානයේ ඉන්ධන මිල විශාල වශයෙන් අඩු කිරීමට එරට අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මහතා පියවර ගෙන තිබේ. ඒ අනුව, පැට්රල් ලීටරයක මිල රුපියල් 74කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 67කින් වහාම ක්‍රියාත්මක වන පරිදි පහත දමා ඇති බව වාර්තා වේ. 20 June 2026
තොරතුරු තාක්ෂණ විභාගය ඔක්තෝබර් 24 දොළොස් වැනි ශ්‍රේණියට අදාළ තොරතුරු තාක්ෂණ විභාගය ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවාය. 20 June 2026
ඉදිකිරීම් වැඩට සේවක හිඟයක් ඉදි කිරීම් කටයුතු සඳහා අවශ්‍ය මානව සම්පත සංවර්ධනය කර ගැනීම රට ඉදිරියේ ඇති අභියෝගය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය. 20 June 2026
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට ජනතාවාදී පනතක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කර ජනතාවාදී පනතක් ගෙනෙන බව අධිකරණ සහ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය. 20 June 2026
ගුරු විභාගයේ ගැසට්ටුව පිටවේ ලබන සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරින් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. 20 June 2026
සිසුන් 11790ක් සියලු විෂයන්වලට ඒ සමාර්ථ මෙවර අපොස සාමාන්‍ය පෙළ විහාගයෙන් සියලු විෂයන් සඳහා A සාමාර්ථ ලබාගත් විභාග අපේක්ෂක සිසුන් සංඛ්‍යාව 11,790ක් බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි සඳහන් කළාය. 20 June 2026
අධිකරණ ඇමැති චෙම්මනි මිනීවළ ළඟ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා චෙම්මනි සමූහ මිනී වළේ කැණීම් කටයුතු ඊයේ නිරීක්ෂණය කර ඒ කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 20 June 2026
රුපියල පහළ යාම බෙහෙත් මිලටත් බලපාලා ඩොලරයේ අගය ඉහළයාම හේතුවෙන් ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයක් සිදු කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. 20 June 2026
කෝටි 37ක කුඩු ගෙනා ඩොමිනිකාවේ සරසවි සිසුවෙක් මාට්ටු රුපියල් තිස් හත් කෝටි හැත්තෑ ලක්ෂයක් ( මිලියන 377 ) වටිනා ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , විශේෂ ගුවන් මගීන් මුදල් ගෙවා පහසුකම් සළසා ගන්නා ’’ ගෝල්ඩි රූට් ’’ ( Gold Route ) මගී පර්යන්තය ඔස්සේ මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියකු අත්අඩංගුවට ගත්බව කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පවසති. 20 June 2026
කෝටි 10ක කුඩු සමග කුඩා ජාවාරමෙක් මාට්ටු විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් හා සංවිධානත්මක අපරාධකරුවන් දෙදෙනකු වන පොඩි සුරේෂ් සහ සංඛ සමීර යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ සාමාජිකයකු රුපියල් කොටි 10කට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 20 June 2026
සාපෙළ ප්‍රතිඵල නිකුත් වෙයි 2025 වසරට අදාළ අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 20 June 2026
කුඩු අල්ලන්න ගිය පොලිසියට පහරදීලා දැරණියගල අම්බානාවෙල ප්‍රාදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ නිවසක් වටලා සෝදිසි මෙහෙයුමක් සිදු කරද්දී අතින් පයින් සහ පොලු මුගුරුවලින් පහරදීම නිසා පොලිස් නිලධාරීන් සිව් දෙනකු ඇතුළු අට දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දැරණියගල පොලිසිය සඳහන් කරයි. 19 June 2026
පෙර පාසලේ ආරක්ෂිකාව දරුවන්ගේ පංචායුදවලට විදලා හොරණ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ජාත්‍යන්තර පෙර පාසලක ඉගෙනුම ලබන දරුවන්ගේ රන් පංචායු ද වරින් වර ගලවා සොරකම් කළ බව කියන එම පෙර පාසලේ ආරක්ෂක නිලධාරිනියක මෙම මස 30 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විධානගමගේ මහත්මිය (19) නියෝග කළාය. 19 June 2026
’’හැකරු සිද්ධියේ පරීක්ෂණ හරියට යනවා’’ ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදලක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ විධිමත් ලෙස ක්‍රියාත්මක වන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. 19 June 2026
’’සිරිමාවෝ’’ ජනපති කාර්යාලයට කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී අද (19) පැවැත්විණි. 19 June 2026
වතුරවල තේ කර්මාන්ත ශාලාවක ගින්නක් ඇල්පිටිය වතුරවිල තේ කර්මාන්ත ශාලාවක අද(19) පස්වරුවේ හදිසි ගින්නක් හට ගෙන ඇති බව ඇල්පිටිය පොලීසිය කියයි. 19 June 2026
රේගුවට කඩදාසි එපාවෙයි ආනයන,අපනයන සහ රේගු නිෂ්කාශන කඩදාසි භාවිතයෙන් තොරව, විද්‍යුත් ක්‍රමවේදය ඔස්සේ කිරීමට රජය තීරණය කර තිබේ. 19 June 2026
එන සතියේ මැතිසබයේ වැඩ මෙහෙමයි පාර්ලිමේන්තුව ජුනි 23 සිට 26 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් නීතිඥ හංස අබේරත්න මහතා පැවසීය. 19 June 2026
දිට්වා හානි උතුරේ ධීවරයන්ට බෝට්ටු - දැල් දෙයි ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ යාපනය, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවල ධීවර ජනතාවට බෝට්ටු සහ ධීවර දැල් පරිත්‍යාග කිරීම කරෙයිනගර් ‘සී නෝර්’ (Sea Nor) බෝට්ටු කර්මාන්තශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. 19 June 2026
සිසුවියකට වූ හානිය වසන් කළැයි විදුහලේ ප්‍රධානින් අත්අඩංගුවට අම්බලන්තොට ජාතික පාසලක 15 හැවිරිදි සිසුවියක එම පාසලේදීම වෙනත් පාසලක පාසල් සිසුවකු විසින් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ සිද්ධියක් වසන් කිරීමේ චෝදනාව යටතේ එම විදුහලේ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති හා සැකකාර පාසල් සිසුවා අම්බලන්තොට පොලිසිය අද අත් අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය කියයි. 19 June 2026
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026