(සුජිත් හේවාජුලිගේ)

බලවේග පේෂකර්ම ව්‍යාපාර පහක්  (මාතලේ ගලේවෙල අරංගල වත්තේගම උකුවෙල)  පෞද්ගලික සමාගමකට අනූ නව අවුරුදු බදු පදනම මත ලබා දී තිබූණද  එම ව්‍යාපාර අවුරුදු දහයක් පහළොවත් අතර කාලයක් වසා දමා තිබූ බවත්   මෙම ඉඩම්  සඳහා හිඟ බදු මුදල් අයවී  නොතිබීමෙන් රජයට   කෝටි 11කට ආසන්න මුදලක් අහිමි වී තිබූ බවත්  ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර අමුණුකුඹුර ව්‍යාපෘතිය  පසුගිය වසරේදී ප්‍රතිලාභීන් නව දෙනෙකු සඳහා උපකරණ නවයක් හා මූලික අමුද්‍රව්‍ය ලබා දී තිබුණද කිසිදු නිෂ්පාදනයක් කර නොතිබූ බව වාර්තාව සඳහන් කරයි.

ඒ අනුව ප්‍රතිලාභීන්ට ලබා දී තිබූ යන්ත්‍ර හතරක් නැවත දෙපාර්තමේන්තුවට රැගෙන විත් තිබූ අතර ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණු ඉටු වී නොතිබුණු බව විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.

මේ තොරතුරු සඳහන් වන්නේ පේෂකර්ම දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.