
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ 120 වැනි ජන්ම දින සමරුව නිමිත්තෙන් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරු අද (17) එක වේදිකාවකට පැමිණියහ. "ජේ.ආර් ආණ්ඩු කරණය සහ මැද මාවත" ලෙස නම් කර තිබූ මෙම සමරු වැඩසටහන කොළඹ 07 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
ජේ.ආර් සැමරුම සඳහා සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයන් සහභාගී වී සිටි අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස,එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර,සභාපති කබීර් හෂීම්,හිටපු අමාත්‍යවරුන් වන නවීන් දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහත්වරුන් ප්රමුඛ එජාප -සජබ නායකයෝ මෙහි සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd