රත්නපුරට- කළුතරට මහ ගංවතුර රතු නිවේදන
රත්නපුර දිස්ත්රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත සහ කළුතර දිස්ත්රික්කයේ කළුතර, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, පාලින්දනුවර, මදුරාවල, අගලවත්ත යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශ වල කළු ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්රදේශ වලට ඉදිරි පැය කිහිපය තුළ මහ ගංවතුර තත්ත්වයක් ඇතිවන බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.