(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

දියගම සිට වල්ගම දක්වා අතුරුගිරිය මාර්ගය පුළුල් කිරීමේ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ හෝමාගම දුම්රිය හරස් මාර්ගය පළලින් වැඩිකොට නවීකරණය කිරීමේ අරමුණින් එළඹෙන 19 දා පෙ.ව 08 සිට 20 දා පෙ.ව 05 දක්වා එම මාර්ගය හෝමාගම දුම්රිය ස්ථානය අසලින් තාවකාලිකව වසා දමන බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරි ඉංජිනේරු ඩබ්ලිව් .ඒ.පී.ධර්මසේන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.

ඒ අනුව එලඹෙන 19 දින එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා තැබෙන බව වැඩිදුරටත් කියා සිටී.

මෙම කාලය තුළ හෝමාගම සිට අතුරුගිරිය දෙසට ධාවනය වන වාහන නගර සීමා මාවත හා විමාන පාර භාවිතා කරන ලෙසත් ප්‍රධාන මාර්ගයේ ධාවනය වන බර වාහන හෝමාගම පනාගොඩ ගොඩගම හරහා ධාවනය කරන ලෙසත් පොදු මහජනතාවගේ දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.