ලංකාවට උදව් කරන බව විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයෝ කියති හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ රට යථාතත්වයට පත් කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව කොළඹ සිටින විදේශ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් දැනුවත් කිරීම සඳහා වන හමුවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද(28) පැවැත්විණි. 28 November 2025
අ‘පුර බන්ධනාගාරයත් යටවේ අධික වරුෂාව හේතුවෙන් අනුරාධපුර බන්ධනාගාරය ජලයෙන් යටවිමේ හේතුවෙන් බන්ධනාගාරයේ රදවා සිටි රැදවියන් දහසකට අධික පිරිසක් අනුරාධපුර රත්නායක මහා විදුහලට හා පොළොන්නරැව බන්ධනාගාරයට රැගෙන යාමට ආරක්ෂක අංශ පියවර ගනු ලැබුහ. 28 November 2025
’’දිට්වා’’ දැනට 69ක් බිලි ගනී දිවයිනට බලපෑ ආපදා තත්ත්වය නිසා 69 දෙනකු මිය ගොස් 34 දෙනෙක් අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 28 November 2025
කැලණි ගඟ දෙපස අය ඉවත් කරන්න යයි ගම්පහ දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර ආපදා තත්වය සම්බන්ධයෙන් අද සවස පැවති සාකච්ඡාවේදී කැලණි ගඟ ආශ්‍රිතව වෙසෙන පදිංචිකරුවන් ආරක්ෂාකර ගැනීම පිනිස වහාම ඉවත්වන ලෙස දැනුම් දෙන ලෙසත් එසේ ඉවත් නොවන්නන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසත් පොලීසියට දැනුම් දීමක් කළේය. 28 November 2025
උසස් පෙළ තව කල් යයි උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසයි. 28 November 2025
අඹතලේ ජලය මුදා හරී: කොළොන්නාවෙන් ඉවත් වන්න අඹතලේ ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසා ජලාශය අවට පහත් නිම්න වෙත එහි ජලය මුදා හරින බැවින් කොළොන්නාව ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 28 November 2025
‘‘රන්දෙනිගල සහ රන්ටැබේ කිසිදු අනතුරක් නෑ‘‘ රන්දෙනිගල සහ රන්ටැබේ ජලාශ වේලි ඉරිතලා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන තොරතුරු සාවද්‍ය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. 28 November 2025
මගී බස්වලට උපදෙස් මාලාවක් නිකුත් කරයි පොදු මගී ප්‍රවාහන සේවා සපයන බස් රථ හිමිකරුවන් සහ සේවක මහතුන් වෙත මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. 28 November 2025
ගම්පහට දැඩි ගංවතුර අවදානමක් ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලු ඔයෙහි මහ ගංවතුර තත්ත්වයක් ඇතිවන මීටර් 5 • 5 ඉක්මවා මේ වනවිට මීටර් 5 • 96 ක මට්ටමකට පත්ව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි. 28 November 2025
ආපදා ගැන කියන්න දුරකථන අංක රැසක් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහජනතාවට ආපදා තත්ත්වයන් පිළිබඳව දැනුම් දීම සඳහා දිවයින පුරා පිහිටි පොලිස් කොට්ඨාස 47 හි මෙහෙයුම් මැදිරිවල දුරකථන අංක නිකුත් කර තිබේ. 28 November 2025
ලංකාවට ආධාර දෙන බව මෝදි කියයි අයහපත් කාලගුණයෙන් ජීවිත අහිමිවූ ශ්‍රී ලංකාවේ ජනතාවට ශෝකය පළ කරන බවත් සහන සහ අත්‍යවශ්‍ය සහාය ශ්‍රී ලංකාවට යොමුකර ඇති බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය 28 November 2025
මහවැලි ගඟ වසා ගත් මනම්පිටිය පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟ පිටාර ගැලීමත් මනම්පිටිය නගරය අඩි හයක් පමණ ජලයෙන් යටවීමත් සමග නගරයේ සහ අවට නිවාසවල කොටු වූ පවුල් සීයක සාමාජිකයන් දෙසීයක් පමණ ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට ආපදා සහන සේවා අංශ කටයුතු කළේය. 28 November 2025
ව්‍යසනයෙන් ගොඩ එන්න ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන්න දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් ජනතාව සහ රට නැවත ගොඩගන්න සහයෝගය දෙන්නයි විදේශීය රටවල්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ සංවිධානවලින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කළේය. 28 November 2025
ජල රකුසාට යට වූ පුත්තලම දිවයිනට බලපෑ තද වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක් ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාලය කියයි. පහත්බිම්වල පිහිටි නිවාසවල සිටි පිරිස් ආරක්ෂක ස්ථාන කාර්යාල කරා රැගෙන ගිය බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 28 November 2025
කටුනායක ගුවන් තොටුපොළ ප්‍රමාදවීම් සහ අවලංගු කිරීම් රැසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ පිටත්වන ගුවන් යානා රාශියක ගුවන් ගමන් රාශියක් ප්‍රමාදවීම් වලට සහ අවලංගු කිරීම් වලට ලක් වී ඇති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා අද(28) සවස පැවසීය . 28 November 2025
දේදුගල නාය යාමක් :12 ක් අතුරුදන් බුලත්කොහුපිටිය දේදුගල ගගවැරලිය සෙන්බ්ලේම් වතුයායේ සිදුවු නාය යෑමකින් නිවාස හයක් මුළුමනින්ම ව්නාශවී තිබේ. 28 November 2025
ආපදාවට පිහිට වෙන්න ඉන්දියාවෙන් ගුවන් යානා ශ්‍රී ලංකාවේ ආපදා වෙනුවෙන් සහන සැලසීමට ඉන්දීය රජය ශ්‍රී ලංකා රජයට එකඟත්වය පළ කර ඇත. 28 November 2025
මුදවා ගැනීමේ මෙහෙයුම්වලට ජාත්‍යන්තර සහාය මේ මොහොතේ අන් සියල්ලටම වඩා තමන්ගේ සහ සමීපතමයන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඉල්ලා සිටී. 28 November 2025
‘‘කැලණි ගං නිම්නයෙන් හැකි ඉක්මනින් පිට වෙන්න‘‘ කැළණි ගංඟා නිම්නයේ පහත් බිම් ප්‍රදේශ වලට මෑත ඉතිහාසයේ ඇති නොවුණු මට්ටමේ අධි අවදානම් ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් වහාම ඒ පෙදෙස් වලින් ඉවත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. 28 November 2025
ආපදා තොරතුරු කියන්න මෙහෙයුම් මැදිරියක් ඇති වී තිබෙන හදිසි ආපදා තත්ත්වය සම්බන්ධව තොරුතුරු දැනුම් දීම සඳහා පොලිස්පති විශේෂ මෙහෙයුම් මැදිරියක් ආරම්භ කර තිබේ. 28 November 2025
ප්‍රා.ලේ ආපදා වියදම් සීමාව මිලියන 50 තෙක් ඉහලට ප්‍රාදේශීය ලේකම්වරයෙකුගේ ආපදා සහන වියදම් සීමාව රුපියල් මිලියන 50 දක්වා ඉහල නංවමින් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 28 November 2025
අවතැන් අයට වරායෙන් කෑම අවතැන් ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය පිසූ ආහාර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. 28 November 2025
අසීරු වෙලාවේ කවුරුත් එකට වැඩ කරමු විපතට පත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම වෙනුවෙන් අසීරු අවස්ථාවේ සියලුදෙනා එක්ව කාර්යක්ෂමව කටයුතු කරමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් හමුවේ අද (28) පැවැසීය. 28 November 2025
මන්ත්‍රී පුටුවක් හිස්: මහ ලේකම් මැකෝට දන්වයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් පුරප්පාඩුවක් වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමිෂන් සභාවට අද දැනුම්දී ඇත. 28 November 2025
ජීවිත බේරගන්න ඕන නම් මෙන්න අංකය ජීවිතාරක්ෂක කටයුතු සඳහා සහාය ලබාගැනීමටත් පොලීසිය ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී ඇත 28 November 2025
අයවැය විවාද සඳුදා අඟහරුවාදා රෑ දොළහ වනතෙක් පාර්ලිමේන්තුවේ අයවැය විවාදය ලබන සඳුදා සහ අඟහරුවාදා රාත්‍රී දොළහ දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. 28 November 2025
මාකුඹුරට මහ සෙනඟක් රජයේ ආයතන විශ්ව විද්‍යාල නිවාඩු ලබා දීමත් සමග අධිවේගී මාර්ගය භාවිතා කරමින් තම ගම් බිම් බලා යාමට විශාල මගීන් පිරිසක් අද (28) දින උදෑසන සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත පැමිනෙමින් සිටිති. 28 November 2025
මනුෂ්‍යත්වයෙන් කටයුතු කරන සියලු දෙනාට මගේ ආචාරය මේ මොහොතේ මනුෂ්‍යත්වය මූලික කර ගනිමින් කටයුතු කරන සැමට හිස නමා ආචාර කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි. 28 November 2025
ගිනි අවිය ලොක් වි ඝාතනය වැළකේ පැරැලියේදී යතුරු පැදියකින් ආ දෙදෙනකු තරුණයකුට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ කිරීමේදී ගිනි අවිය ක්‍රියා විරහිත විම නිසා ඝාතනය වැළකී ගිය බව පෙලිසිය කියයි. 28 November 2025
අවතැන් කඳවුරු පාලනය යුද හමුදාවට අයහපත් කාලගුණ විපත් හමුවේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන කදවුරු වල පාලනය යුද හමුදාවට බාර දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ. 28 November 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025