
(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකන් ඩොලර් ලක්ෂ 20ක මුදලක් ලබා ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාර මියගිය කපිල චන්ද්‍රසේන සැකකරුගේ බිරිඳට ඇප තැබූ අරවින්ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වරෙන්තු නිකුත් කළේය.
වරෙන්තු ලබා තිබියදී දිගින් දිගටම අධිකරණය මගහරින සැකකාර ප්‍රියංකා නියෝමාලි විජේනායක අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම මත ඇපකරුවන්ගේ ඇප රාජසන්තක කිරීම පිළිබඳ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අධිකරණය පෙනී නොසිටීම හේතුවෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක ඇපකරුවන් දෙදෙනාට මෙම වරෙන්තුව නිකුත් කෙරිණි.
සිල්වා මහතාගේ නීතිඥ ශාලික ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ මවගේ අවමගුල් උත්සවය හේතුවෙන් සිය සේවා දායකයාට අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd