
(රෝෂන් තුෂාර)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ සඳහා මාර්ග ධාවන බලපත්ර ලබා දීමේදී සිදුවූවායැයි කියන වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා ලබන 29 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්.බෝදරගම මහතා අද නියම කළේය.
1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධානයන්ට පටහැනිව යමින් දක්ෂිණ අධිවේගී මාර්ගයට මගී සේවා අවසරපත් 56ක් ලබාදී රජයට පාඩු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණවිමර්ෂණ කොමැසම ප්රරකාශයක් ගැනීමෙන් අනතුරුව ඔහු අත්ඩංගුවට ගත්තේය.
පසුව අධිකරණයට ඉදිරිපත් කළ හිටපු සභාපතිවරයා ලබන 29තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd