
(සුජිත් හේවාජුලිගේ)
වියළි කාලගුණය අැති දිස්ත්‍රික්කවල ජනතාවගේ ජීවනෝපායට සිදුව ඇති බලපෑම පිළිබඳව සෙවීමට සමීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රගීත් දනන්සූරිය සඳහන් කළේය.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් එම සමීක්ෂණය ක්‍රියාත්මක වෙයි.
එහිදී කෘෂිකර්මික, ධීවර, සත්ත්ව පාලන හා සුළු පරීමාණ රැකියා ආදී ක්ෂේත්‍රවල නිරතවූ පුද්ගලයින්ට සිදුවූ බලපෑම පිළිබඳ නීරීක්ෂණය කෙරෙනු ඇත.
එම වාර්තා පදනම් කර ගනිමින් ඔවුන්ට සහන සැලසීමේ ක්‍රමවේදයක් සකස් කිරීම නියමිතය.
මේ අතර දිස්ත්‍රික්ක 8ක වියළි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව 163,869 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ, මොණරාගල දිස්ත්‍රික්කයටයි.
පීඩාවට පත් සංඛ්‍්‍යාව 43,638 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd