මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් ඕනෑ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් තිබිය යුතු යැයි සෘජුවම විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 February 2026
දේශපාලකයන් අනීතිකව උපයා ගත් දේ බොහොමයි ජනතාව ඡන්දය දී කොළඹට එවන මහ ජන නියෝජිතයන් නෛතිකව මෙන්ම අනීතිකවත් උපයා ගත් දේ බොහෝ තිබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 February 2026
පාර්ලිමේන්තු මහලේකම්වරියත් එළවන කුමන්ත්‍රණයක් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරියත් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 17 February 2026
එක්සත් රාජධානියේ නියෝජ්‍ය අගමැති මෙරටට එයි එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී මහතා එක් දින සංචාරයක් සදහා අද(17) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය 17 February 2026
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පත් කරනු ලැබ තිබේ. 17 February 2026
මන්ත්‍රී “පැන්ෂන්” කපන කෙටුම්පත සම්මත කිරීම අද සවස පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද (17) දවස පවත්වා සම්මත කිරීමට නියමිතය. 17 February 2026
අන්තර්වාර පාලක යුනිස් මොහොමඩ් ඉල්ලා අස්වෙයි බංග්ලාදේශ මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් දිනූ ජාතික පක්ෂයේ නායක තරීක් රෙහ්මාන්ගේ දිවුරුම් දුන් අතර, 2024 සිසු අරගලයෙන් පසු පිහිටුවා තිබූ අන්තර්වාර පාලක මණ්ඩලය විසුරුවා හැරුණි. 17 February 2026
ඊශ්‍රායල අගමැතිගෙන් මෝදිට විශේෂ ඇරැයුමක් ඊශ්‍රායලයේ නිල සංචාරයකට පැමිණෙන මෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඇරැයුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ (16) පැවැසීය. 17 February 2026
ප්‍රංශ ජනපති මැක්රොන් මෝදි හමුවන්න ඉන්දියාවට තෙදින නිල සංචාරයක් ආරම්භ කරමින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඊයේ (16) රාත්‍රියේ ඉන්දියාවේ මුම්බායි නුවරට පැමිණියේය. 17 February 2026
දිවුරුම් දීමට මෝදි නෑ බංග්ලාදේශ මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ එරට ජාතික පක්ෂයේ සභාපති තාරික් රහ්මාන්, අද (17) බංග්ලාදේශ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය. 17 February 2026
ඉරාන සාකච්ඡාවලට මමත් හවුල් - ට්‍රම්ප් කියයි පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සෙවීමේ අරමුණින් මෙම සාකච්ඡා පැවැත්වෙන අතර, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, දෙරටේ නියෝජිතයන් අතරේ පැවැත්වෙන සාකච්ඡා සඳහා තමන් ද වක්‍රව සම්බන්ධ වන බවය. 17 February 2026
ඇමෙරිකන් පාසලක වෙඩි තැබීමකින් 3 ක් මරුට ඇමෙරිකාවේ රෝඩ්ස් අයිලන්ඩ් ප්‍රාන්තයේ පවුටුකෙට් නමැති කුඩා නගරයේ උසස් පාසලක හොකී ක්‍රීඩා තරගයක් අතරතුරේ සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බරපතල තුවාල ලැබූ සිවුදෙනකු රෝහල්ගත කෙරුණි. 17 February 2026
අලියෙක් ගැටි ත්‍රි‘මලේ-ගල්ඔය දුම්රිය ධාවනයට බාධා කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියෙ අද (17) කිතුල්උතුව ප්‍රදේශයේදී වල් අලියෙකු ගැටීමෙන් දුම්රිය එන්ජිම පීලි පැන්න බව දුම්රිය පාලක මැදිරිය කියයි. 17 February 2026
අද සිට වැස්සේ වෙනසක් උතුරු,උතුරු මැද, මධ්‍යම,ඌව, සහ නැගෙනහිර පළාත්වලට වැසි තත්වයේ වැඩි විමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 17 February 2026
ශ්‍රී ලංකා පිල ‘සුපිරි අට’ වටයට එයි ශ්‍රී ලංකා පිල විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලබාගැනීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය. 16 February 2026
නීතිඥයා - බිරිය ඝාතනයට ගිනි අවි ගෙනා දෙදෙනෙක් මාට්ටු තලංගම අකුරේගොඩ දී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන්ට අවි දෙක සැපයූ පුද්ගලයන් තිදෙනාගෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාශය සඳහන් කරයි. 16 February 2026
වන අලියාගේ පහරින් විදේශිකයා මරුට සීගිරිය පිදුරංගල ප්‍රදේශයේ දී වන අලියකු පහරදීමෙන් හංගේරියා ජතිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 16 February 2026
රනිල්ගෙන් තිස්සට අවසන් ගෞරව කෘතහස්ත දේශපාලනඥ හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ දේහයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය. 16 February 2026
මැතිවරණ ක්‍රමයක් හදන්න විශේෂ කාරක සභාවක් මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනය කර මැතිසබයට වාර්තා කිරීමට සහ ඒ සම්බන්ධයෙන් යෝජනා සහ නිර්දේශය ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට හෙට (17) ඉදිරිපත් කෙරේ. 16 February 2026
පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ඒමෙන් දෙරට යාළුකම තව වැඩි වුණා පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ සංචාරය සහ පාකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. 16 February 2026
ආණ්ඩුවේ එකම වැඩේ අනුන්ට ඇඟිල්ල දිගු කිරීම විතරයි ආණ්ඩුව ඇවිත් අවුරුදු එකහමාරකට වැඩි වුවත් තාම කරන්නේ පහුගිය ආණ්ඩු වලට ඇඟිල්ල දිගු කරමින් සිටීම පමණක් බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 16 February 2026
මත් සැකකරුවෝ 918 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 918 ක් ඊයෙ (15) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 16 February 2026
ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා දිවයිනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය මෙරට නිල සංචාරයක් සදහා අද පස්වරුවේ දිවයිනට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 16 February 2026
ජනපති හෙට ඉන්දියාවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා AI සමුළුවට( AI Impact Summit 2026) සහභාගී වීම සඳහා හෙට (17) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. 16 February 2026
නීතිඥ ඝාතනයට නීතිඥවරු විරෝධයක බත්තරමුල්ල අකුරේගොඩ හමුදා මූලස්ථානය ආසන්න නගර මධ්‍යයේ නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීම මෙරට සිදුවන අවසන් ඝාතනය විය යුතු බවත්, මෙවන් ඝාතන මින් ඉදිරියට සිදුනොවීමට රජය වගකීම බාරගත යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධීපති නීතිඥ රජීව් අමරසූරිය මහතා අවධාරණය කළේය. 16 February 2026
බුත්තල නිවෙසක ගින්නකින් මවක සහ දියණියක රෝහලට බුත්තල මහගොඩයායේ නිවසක ඇතිවු ගින්නකින් ඒම නිවසේ පදිංචිව සිටි මවක හා දියණියක බරපතල පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 16 February 2026
ආනන්ද විජේපාලට ඉල්ලා අස්වන්නැයි එජාපය කියයි නීතිඥ ඝාතන ඇතුළුව රටේ නීතිය හා සාමය පිරිහීමට වගකිව යුතු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වහාම ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 16 February 2026
ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍ර නඩුව 24 කල් යයි ආගාමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වීසා නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි කියන හිටපු ඇමතිනී ඩයනා ගමගේ විත්තිකාරියට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය පෙබරවාරි 24 සිදු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා (16) දින නියම කළේය. 16 February 2026
ඉන්දියා - පකිස්තාන තරගය බලන්න ජෙට් යානා 15කින් පිරිස් එති ලෝක කුසළාන විස්සයි 20 තරගාවලියේ ඉන්දීය - පකිස්තානු ක්‍රිකට් තරගය නැරඹීම සදහා විශේෂ පෞද්ගලික ජෙට් ගුවන් යානා 15 කින් ලොව පුරා ක්‍රිකට් ලෝලීහු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි. 16 February 2026
තමිල්නාඩු මහ ඇමැති ලාංකික සරණාගතයන්ට සරණක් ඉල්ලයි තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකික සරණාගතයින් 89,000 කට වැඩි පිරිසකට ඉන්දියානු පුරවැසිභාවය හෝ දීර්ඝ කාලීන වීසා බලපත්‍ර ලබා දෙන්නැයි තමිල්නාඩු මහ ඇමතිතුමා එම්.කේ ස්ටාලින් මහතා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 16 February 2026
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026