පුත්තලමේ පාලම් දෙකක් කැඩේ පුත්තලම - අනුරාධපුර මාර්ගයේ තබ්බෝව 9 කණුව අසල පාලම අධික ජල පහරට අසුව ගසාන ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 29 November 2025
මහනුවරට දුරකතන විදුලිය සක්‍රියයි රටටම බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දින 03 ක් පුරා මහනුවරට විසන්ධි වී තිබූ විදුලි බලය සහ දුරකථන ඇතුළු සන්නිවේදන පහසුකම් මේ වන විට සක්‍රිය වී තිබේ. 29 November 2025
අවතැන් අයගේ වියළි ආහාර දීමනාව වැඩි කරයි හදිසි ආපදා තත්ත්වයක දී විපතට පත්වන ජනතාවට හා ආපදා අවදානම් හේතුවෙන් පදිංචි වාසස්ථාන වලින් ඉවත් කරන ජනතාවට සහන සැලසීම, හානියට පත්වන දේපළ යථා තත්ත්වයට පත් කිරීම සහ වන්දි ගෙවීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිෂ් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා විශේෂ දැනුම් දීමක් කර තිබේ. 29 November 2025
පැට්රල් ෂෙඩ් ගොඩකුත් වතුරේ:ගමනාගමනයට බාධා දිවයින පුරා ඉන්ධන පිරවුම් හල් රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ධාවනයට බාධා මතුව ඇතැයි වාර්තාවේ 29 November 2025
රටින් එවන සහන බඩු ඉක්මනින් නිදහස් කරන්න ක්‍රමයක් විපතට පත් ජනතාව වෙනුවෙන් විදෙස් රටවල්, රජයයන්, සංවිධාන සහ පුද්ගලයන් ලෙස එවන මුල්‍යාධාර සහ ද්‍රව්‍යමය ආධාර පහසුවෙන් සහ ඉක්මණින් නිෂ්කාශනය කිරීමේ කඩිනම් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අරමුණු කර ගනිමින් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද(29) පැවැත්විණි. 29 November 2025
පේරේ සිරවූ සිසුන්ට දළදා මාලිගාවෙන් ආහාර නාය යෑම් ජල ගැලීම් හේතූවෙන් අවතැන් වූ මහනුවර ජනතාවට සහ ගංවතුරට කොටුවී සිටින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුලු පිරිසට මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අනුග්‍රහය යටතේ පිසූ ආහාර ලබාදීමේ සමාජ සත්කාරයක් ආරම්භ කර තිබේ. 29 November 2025
‘‘දිට්වා‘‘ 191 අතුරුදහන් කරයි ගං වතුර නාය යාම් ඇතුළු ආපදා තත්ත්වය නිසා මරණ 153ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.පුද්ගල අතුරුදන්වීම් සංඛ්‍යාව 191කි. 29 November 2025
‘‘දිට්වා‘‘ දිවයිනෙන් බැහැරට මෙරට කැළඹූ දිට්වා සුළි කුනාටුව දිවයිනෙන් බැහැරව ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය. 29 November 2025
සාගර් බන්ධු මෙහෙයුම යටතේ ඉන්දියාවෙන් තවත් ආධාර ඉන්දියාව සාගර් බන්ධු මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන මානුෂීය ආධාර තවදුරටත් ඉහළ නංවා තිබෙන බවත් තවත් සහාය පැමිණෙමින් තිබෙන බවත් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අද(29) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 29 November 2025
පොලිස් කොස්තාපල් බඳවා ගැනීමේ පරීක්ෂණ කල් දමයි පොලිස් කොස්තාපල් තනතුර සඳහා බඳවා ගැනීමේ අවසන් සම්මුඛ පරීක්ෂණය තාවකාලිකව අවලංගු කිරීමට තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 29 November 2025
හෙට දහම් පාසල් නෑ හෙට (30) දහම් පාසල් නොපවත්වන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් වරයා දැනුම්දී ඇත 29 November 2025
බිළීන්දන් දෙදෙනකු හෙලිකොප්ටරයෙන් කොළඹට ජලගැලීම් හේතුවෙන් සේවා අඩපණ වී ඇති හලාවත මූලික රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ප්‍රතිකාර ලබමින් සිටි දින 28 ක් හා දින 35 වයසැති බිළිඳු දරුවන් දෙදෙනෙක් සහ බරපතල තුවාල ලබා සිටි වයස අවුරුදු 10 ක දැරියක් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ අධීක්ෂණය යටතේ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානාවක් මගින් කොළඹට රැගෙන එනු ලැබිණි. 29 November 2025
හැටන් පාරවල පස් කඳු ඉවත්කරයි හැටන් සහ නුවරඑලියට පිවිසීමට ඇති සියලුම මාර්ගවලට ස්ථාන කිහිපයකින්ම කඩා වැටී ඇති විශෘල පස් කදු ඉවත් කිරිමේ කටයුතු කඩිනම් කර ඇති බව හැටන් කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් විරසේකර මහතා පැවසිය. 29 November 2025
මහනුවර - මහියංගන මාර්ගයට පස් කඳු කඩා වැටේ මහනුවර මහියංගන ප්‍රධාන මහා මාර්ගයේ 34 සහ 35 ,කිලෝමීටර් කණු ආසන්නයේ මාර්ගයට විශාල පස් කඳු කඩා වැටී මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇත. 29 November 2025
කතුන්- ළමයින් ගැන කියන්න දුරකථන අංක දෙකක් ආපදාවට පත් දරුවන් සහ කාන්තාවන් පිළිබඳ තොරතුරු දැනුම් දීම සඳහා ගාස්තු රහිත දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබේ. 29 November 2025
ගංවතුර අස්සේ ෆේස්බුක් සාදයක් වටලයි කෝට්ටේ නව ජයවීර මාවත ප්‍රදේශයේ පැවැත් වූ ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයන් 30 සහ කාන්තාවන් 2 කු අද (29) සවස වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ . 29 November 2025
අතුරුගිරිය හුවමාරුව ජලයෙන් යටවෙයි අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසලින් අතුරුගිරිය මාලඹේ මාර්ගය ජලයෙන් යටවී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය කියයි 29 November 2025
කිඹුලන්ගෙන් ප්‍රවේසම් වන්න රට පුරා ගංගා ආශ්රිත ප්‍රදේශවලට කිඹුලන් පැමිණිය හැකි හෙයින් හෙයින් කල්පනාකාරීව සිටින ලෙස වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිසර අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 29 November 2025
කච්චිමඩුව ජලාශයේ වාන කඩාගෙන යයි ආණමඩුව කොට්ටුකච්චිය කච්චිඩුව ජලාශයේ වාන කැඩියාමත් සමඟ මෙවර මහ කන්නයේ වගා කර තිබු අක්කර 1000 කට වැඩි වි ගොවිතැන විනාශ වෙමින් ඇති බව ගොවි සංවිධාන පවසයි. 29 November 2025
ජනතාවට පිහිට වෙන්න ඩ්‍රෝනා යානාත් එයි විපතට පත් ජනතාවට ආහාර බෙදා දීමට ඩ්‍රෝනා යානා යොදවා ඇති බව යුද හමුදාව පවසයි. 29 November 2025
බස්නාහිර හමුදා භටයෝ 7989ක් සීරුවෙන් බස්නාහිර පළාතේ ඇතිවිය හැකියැයි පැවසෙන ආපදා තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා කටයුතු වෙනුවෙන් හමුදා භට පිරිස් 7989ක ප්‍රමාණයක් සූදානම් කර තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා පැවසීය. 29 November 2025
ආපදාව ගැන දින දෙකක මැතිසබා විවාදයක් රටේ ඇතිවී තිබෙන හදිසි ආපදා තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේය 29 November 2025
කැබ් ගන්න වෙන් කළ සල්ලි ආපදාවට දෙන්න අලුතින් කැබ් රථ 1775ක් ගන්න අයවැයෙන් වෙන් කළ රුපියල් මිලියන 12500 ක මුදල ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සලසන්න යොදවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 29 November 2025
රට පුරා මාර්ග 206ක් ’’බ්ලොක්’’ ගංවතුර සහ ගස් කඩා වැටීම හේතුවෙන් රට පුරා මාර්ග 206ක අවහිරතා මතුව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 29 November 2025
සජිත් අවතැන් වූවන් බලන්න යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගං වතුරෙන් අවතැන්න කඩුවෙල ප්‍රදේශයේ සුරක්ෂිතා මධ්‍යස්ථානවල රැඳී සිටින ජනතාව හමුවී ඔවුන්ගේ සුව දුක් විමසීම අද (29) දින දැක ගත හැකි විය. 29 November 2025
දිස්ත්‍රික්ක 11ක නාය රතු නිවේදනය දික් කරයි දිස්ත්‍රික්ක එකොළහකට නිකුත් කර ඇති නාය යෑම් පිළිබඳ රතු නිවේදනය තවදුරටත් දීර්ඝ කර ඇත 29 November 2025
ජාඇල පාලමේ පිපුරුමක්: මං තීරුවක් වසයි කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ ජාඇල පාලමේ ස්ථාන කිහිපයකින් පිපුරුම් සලකුණු මතුවීම හේතුවෙන් ගමනාගමන කටයුතු එක් මංතීරුවකට සීමා කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 29 November 2025
අසත්‍ය පුවතක් ගැන අල්ලසෙන් නිවේදනයක් අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරා මහජනතාව ආපදාවන්ට පත්ව ඇති අවස්ථාවේ රාජ්‍ය නිලධාරීන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල්වරයා කළ බවට සඳහන් ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින බවත් මෙවැනි කිසිදු ප්‍රකාශයක් තමා කර නොමැති බවත් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් නිවේදනය කරයි. 29 November 2025
’’දිට්වා’’ ගොළු කළ ’’හලෝ’’ හදන්න මෙහෙයුමක් දිවයින පුරා පවතින අයහපත් කාලගුණික හා ආපදා තත්ත්වය හේතුවෙන් බාධාවට ලක්ව ඇති දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාල කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත යුතු විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳ රජය සහ ප්‍රධාන පෙළේ විදුලි සංදේශ සමාගම් අතර සාකච්ඡාවක් අද (29) විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේදී පැවැත්විණි. 29 November 2025
ඉදිරි පැය තිස් හයේ කාලගුණේ හැසිරෙන හැටි පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක් හෙට (30) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 November 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025