
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ජපානයේදී දැන් පැවත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙවත් රන් පදක්කම් තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය.
නිශ්ෂින්හි කොරෝගි ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 8 කින් පාකිස්තානු කාන්තා පිල පරාජය කිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකා කාන්තා පිල ලකුණු 178 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 17.2 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
නායිකා චමරි අතපත්තු පන්දු 50 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 83 ක් රැස්කරමින් ජයග්‍රහණයෙන් දැවැන්තම කොටස්කාරිය බවට පත්වූවාය.
හසිනි පෙරේරා වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 26 කින් හතරේ සහ හයේ පහර තුන බැගින් සටහන්කරමින් ලකුණු 42 ක් රැස්කළාය. චමරි අතපත්තු සහ හසිනි පෙරේරා දෙවැනි කඩුල්ලට ලකුණු 95 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ.
පාකිස්තානු කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 4 ට 177 (ශවාල් ෂුල්ෆිකාර් 54, අයිෂා සෂාර් 71, ෆාතිමා සනා නොදැවී 20, සුරංගිකා කුමාරි 31/1, චමරි අතපත්තු 30/1, කාව්‍යා කාවින්දි 13/1) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඕවර 17.2 කදී කඩුලු 2 ට 178 (ඉමේෂා දුලානි 27, චමරි අතපත්තු නොදැවී 83, හසිනි පෙරේරා 42, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 17)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසාන තරගයේදී හොඳට සෙල්ලම් කරන්න. ඔහේ පිත්ත වනාන්නේ නැතුව ඉවසීමෙන් තාක්ෂණය හොඳට ප්‍රයෝජනයට අරගෙන ක්‍රීඩා කරන්න. ඔයගොල්ලන්ට බැරිකමක් නැහැ. නොසැලකිලිමත්කම සහ හදිස්සියේ ගහන වැරදි පහරවල් තමයි ඉනිමක් කඩා වැටීමට මුල. ක්‍රමානුකූලව ඉනිම ගොඩනගලා ඉදිරියට යන්න. ඔබ සැමට ජය!