(සුජිත් හේවාජුලිගේ)

සෞදියේ මරණීය දණ්ඩනයට නියමව සිටින අනෝජන් ශිවරාසා නැමැති ශ්‍රී ලංකා තරුණයාට  සමාවක් ගැනීමට  හෝ දඬුවම ලිහිල් කර ගැනීමට රජය මැදිහත්ව සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය

ඔහු සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කළ හැකි හැමදේම කරමින් සිටින බවද අමාත්‍යවරයා කීය

නලින්ද ජයතිස්ස මහතා මෙසේ පැවසුවේ මාධ්‍ය  කළ විමසුමකදීය.

ඉස්ලාම් දහම විවේචනය කරන ලදැයි කියන සිද්ධියක් පදනම් කරගෙන සෞදි රජය විසින්  අනෝජන් ශිවරාසාට  මරණීය දණ්ඩනය පනවනු ලැබීය