
(අංජුල මහික වීරරත්න )
ආණ්ඩුව වට්ටන්න තියා ඒ ගැන හිතන්නවත් ඉඩක් නැති තරමට සුවිසල් සමාජ පරිවර්තනයක් සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැලිගම ජන රැළියේදී පැවැසීය.
දේශපාලන වේදිකාවේ කතන්දරයක් පමණක් වූ හොරු ඇල්ලීම දැන් මහ පොළොවේ ඇත්තක් බවට පත් වී තිබෙන බව කී ජනාධිපතිවරයා ඉදිරි වසර තුනේදී පමණක් නොව ඊළඟ වාර වලත් හොරු ඇල්ලීම නතර කරන්නේ නැතැයි කීය.
" අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි"යන තේමාවෙන් වැලිගම පැවැති මෙම ජන හමුව අමතමින් ජනාධිපතිවරයා මෙසේද කීය.
අපේ ආණ්ඩුව හදලා හෙට වෙනකොට අවුරුදු දෙකක් වෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ ඉතිහාසයේම සිදුවුණු දේ තමයි, ආණ්ඩුවක් හදලා මාස හත අටක් යනකොට ආණ්ඩුව හදපු කෙනෙක් හොයාගන්න නැහැ. හැබැයි ලංකාවේ පළමුවතාවට ආණ්ඩුවක් හදාගෙන තියෙනවා, මේ ආණ්ඩුව හදන්න ඡන්දෙ දීපු හැමකෙනාමටම හෙටත් පාරට බැහැලා කෑගහලා "මේ ආණ්ඩුව හදන්න මාලිමාවට ඡන්දෙ දුන්නා" කියලා කියන්න පුළුවන්.
දැන් තිබෙන්නේ පරිවර්තනීය අවධිය. ආර්ථිකය ස්ථාවර කරගත්තා, දැන් ස්ථාවර කරගත්තු ආර්ථිකය ගම්වලට ගලාගෙන එන්න ඕනේ. එය ආකාර කිහිපයකින් සිදු වෙනවා. එක ආකාරයක්, සහනාධාර මගින් ලබා දීම. සහනාධාර එන්න ඕනේ. සහනාධාර කියන්නේ නරක එකක් නෙවෙයි. දියුණුයි සම්මත හැම රටකම වගේ සහනාධාර ගතයුතු කණ්ඩායමක් ඉන්නවා, ඒ අය අපි බලාගන්න ඕනේ, ලෝකයේ සිදු වන්නේ එහෙමයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd