18 වංගුවේ යන්නේ බලාගෙනයි උඩදුම්බර සිට හසලක නගරය දක්වා දිවෙන 18 වංගුව මාර්ගය භාවිතා කිරීමේදී ප්‍රවේසම් වන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා මහජනතාවට දැනුම් දෙයි. 30 November 2025
තවලන්තැන්න මාර්ගය නාය යයි තලවකැලේ තවලන්තැන්න හරහා කොත්මලේ මාර්ගයේ කොත්මලේ පාලුවත්ත ප්‍රදේශයේ මීටර් 100ක පමණ කොටසක් නායයෑම නිසා සහන කණ්ඩායම් වලට කොත්මලේ ප්‍රදේශයට යෑමට නොහැකි තත්වයක් උද්ගත වී ඇත. 30 November 2025
රියදුරු බලපත්‍ර මාර්ගගත ක්‍රමයට නෑ අයහපත් කාලගුණය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලවලින් සපයන මාර්ගගත සේවාවේ සැපයීමේ ගැටලු ඇතිවිය හැකි බව මෝටර් රථ ප්‍රවාහනන දෙපාර්තමේන්තුව අද (30) පැවසීය. 30 November 2025
බිඳ වැටුණු ජල සැපයුම් දින තුනෙන් හදනවා දිස්ත්‍රික්ක ගණනාවක බිඳවැටී තිබෙන ජල සැපයුම දින තුනක් ඇතුළත යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ඒ. එම්. පී. සී. ටී. බණ්ඩාර මහතා පැවසීය. 30 November 2025
බෝ නොවන රෝග පැතිරෙන අවදානමක් ගංවතුර තත්ත්වය හා ආපදා හේතුවෙන් දරුවන් අතර බෝවන රෝග ව්‍යාප්ත වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය 30 November 2025
අර්බුදය හරිගස්සන්න එජාපෙන් යෝජනා 16ක් රට මුහුණ දුන් කාලගුණ ව්‍යසනය කළමනාකරණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට යෝජනා 16ක් ඉදිරිපත් කර තිබේ. 30 November 2025
රට පුරා බැකෝ හිඟයක්:පස් කඳු ඉවත් කිරීමට බාධා බැකෝ ඇතුළු යන්ත්‍රවල දැඩි හිඟය හේතුවෙන් ආපදා ප්‍රදේශවල පස් කඳු, ගස් කඳන් සහ වෙනත් බාධක ඉවත් කිරීමට බාධා මතුව ඇතැයි වාර්තාවේ. 30 November 2025
මෙහෙයුම් අඩුපාඩු විපරමට නියෝජ්‍ය ඇමති ගුවන්තොටට යයි අයහපත් කාලගුණ තත්ත්වය මධ්‍යයේ වුවද ගුවන්තොටුපළ මෙහෙයුම් ආරක්ෂිතව සහ කාර්යක්ෂමව සිදුකිරීම වෙනුවෙන් අවශ්‍ය උපදෙස් ලබාදීමට වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. 30 November 2025
වරාය කුස්සියෙන් අදත් බත් පාර්සල් 6000ක් වරාය මුළුතැන්ගෙය විපතට පත් වූවන්ට බෙදාදීම සඳහා අද(30) අඛණ්ඩව තුන්වන දිනටත් ආහාර පිලියෙල කරයි. 30 November 2025
අමාත්‍යාංශ හයක විවාද හෙට අනිද්දා හෙට සහ අනිද්දා අමාත්‍යාංශ හයක වැය ශීර්ෂ විවාද පැවැත්වීමට නියමිතය. 30 November 2025
මාවිල් ආරුවට හෙලිකොප්ටර් තුනක් මාවිල් ආරු ප්‍රදේශයේ මුදා ගැනීම් සහ නිරීක්ෂණ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටන් යානා තුනක් යොදවා ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 30 November 2025
පේරේ මුහුණ දුන් තත්ත්වය උප කුලපති කියයි ආපදා තත්ත්වය හමුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලුම සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කළ බවත්, විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ලබන දෙසැම්බර් 7 වැනිදා තෙක් අත්හිටුවා ඇති බවත් ශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 30 November 2025
විපතට පත් දරුවන්ට නාමල්ගෙන් පොත්පත් ගංවතුර සහ සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ දරුවන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසැල් උපකරණ බෙදා දීමට ඉදිරියේදී කටයුතු කරන බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 30 November 2025
විදුලි සංදේශ අඩවි 4000කට බාධා: 1500ක් හදයි බාධාවට ලක් වූ විදුලි සංදේශ අඩවි 4,000 න් 1,500 කට වැඩි ප්‍රමාණයක් යථා තත්ත්වයට පත් කර ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. 30 November 2025
විපතට පත් සතුන් ගැන මේ අංක වලට දැනුම් දෙන්න ගංවතුරෙන් විපතට පත්වූ හෝ කොටු වී සිටින සුරතල් සතුන්, ගොවිපොළවල සිටින සතුන් හෝ වීථී සතුන් සඳහා පශු වෛද්‍ය සහාය ලබාදීමට ශ්‍රී ලංකා පශු වෛද්‍යවේදීන්ගේ සංගමය සුදානමින් සිටී. 30 November 2025
යක්කල පාලමක් අසල පාර ගිලා බහි: කොළඹ මහනුවර මාර්ගය වැසෙයි කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල ආයුර්වේදය අසල පාලමේ මැද කොටස ගිලා බසිමින් ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි. 30 November 2025
වතුරේ ගසාගෙන ගිය තරුණයින් දෙදෙනකු පැය 10කට පසු මුදා ගැනෙති කිලිනොච්චිය වට්ටකච්චි මර්ගයේ පරප්පුකණ්ඩාල් හි ටිපර් රථයක් ජල පහරකට හසුවී ගසාගෙන ගොස් පැය දහයකට අධික කාලයක් එහි සිරවී සිටි තරුණයින් දෙදෙනකු අද (30) යුද හමුදාව විසින් නිරුපද්‍රිතව බේරාගනු ලැබීය. 30 November 2025
කුරුණෑගල රෝහලත් යටවේ කුරුණෑගල ෂික්ෂණ රෝහල අසල කුණු ඇළ උතුරා යාම හේතුවෙන් රෝහලේ වාට්ටු අටක් ජලයෙන් යටවු බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. 30 November 2025
කෝටි තුනක් රන් සමඟ විදේශිකයා ගුවන්තොටේදී අල්ලයි රුපියල් කෝටි තුනක් වටිනා රන් දම්වැල් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගියෙකු අද(30 ) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 30 November 2025
කන්දකාඩු කඳවුරත් යටවේ පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියන් 359 දෙනකුගේ ජීවිත, ගංවතුරෙන් ආරක්ෂා කරගැනීම ඊයේ (29) සේනපුර තෘතීයක පුහුණු මධ්‍යස්ථානය වෙත නිරුපද්‍රිතව, ලොරි රථ සහ යුද ටැංකි කිහිපයකින් රැගෙන ආ බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි. 30 November 2025
ජපන් ආපදා විශේෂඥ කණ්ඩායමක් ලංකාවට ජපන් තානාපති කාර්යාලයේ සහ ජයිකා ආයතනයේ නියෝජිතයෝ සෞඛ්‍ය අමාත්‍යංශයේ පිහිටුවා ඇති පැය 24ම ක්‍රියාත්මක වන ජාතික සෞඛ්‍ය ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානයට අද(30)පැමිණ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ප්රමුඛ එම මධ්‍යස්ථානයේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක නිරත විය. 30 November 2025
අලවතුගොඩ කන්දට යට වූ අටක් සොයාගනී අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් රඹුකේඇල මුදුනේකඩේ ප්‍රදේශයේ සිදු වී අති විශාල නායයෑමක් හේතුවෙන් අතුරුදන් වූ පවුල් 15 ක පුද්ගලයින් 43 දෙනාගෙන් අට දෙනකුගේ සිරුර හමු වූ බව පොලිසිය කියයි. 30 November 2025
සුළි කුණාටුවට හසුව දින පහක් නිරහාරව සිටි ධීවරයෝ බේරා ගැනෙති සුළි කුණාටුවට හසුව මහ මුහුදේ දින පහක් නිරහාරව මෝටර් බෝට්ටුවක සිටි ධීවරයින් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරා ගෙන අද(30)උදේ ගොඩබිමට ගෙන ඒමට අම්බලන්ගොඩ ධීවරයින් හත්දෙනෙකු සමත්වී සිටිති. 30 November 2025
කොත්මලේ ගමක සිරවු 300 ක් බේරගන්න ගුවන් හමුදා සහය පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොත්මලේ ප්‍රදේශයේ ගම්මානයක සිරවී සිටින පුද්ගලයන් 300 කට ආසන්න සංඛ්‍යාවක් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම සඳහා ගුවන් හමුදා මෙහෙයුම් මේවන විට ක්‍රියාත්මක කර ඇතිි බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පැවසීය. 30 November 2025
සූර්ය පැනල භාවිත කරන්නන්ට විදුලි මණ්ඩලයෙන් දැනුම්දීමක් අද පස්වරු 3 දක්වා තම සූර්ය පැනල ස්වේච්ඡාවෙන් ක්‍රියා විරහිත කරන ලෙස විදුලිබල මණ්ඩලය සූර්ය පැනල භාවිතා කරන්නන්ගෙන් ඉල්ලීමක් කරයි. 30 November 2025
ගංවතුර නිවේදන ගැන හොඳ අවධානයෙන් ඉන්න ගංවතුර උවදුර සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන ප්‍රකාශ පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. 30 November 2025
රෑ දොළහේ විවාදයට මන්ත්‍රී විරෝධයක් පාර්ලිමේන්තු අයවැය විවාද හෙට අනිද්දා රාත්‍රී දොළහ වන තුරු පැවැත්වීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සහ සේවකයෝ දැඩි විරෝධය පළ කරති. 30 November 2025
මාවිල්ආරු අමුණ තැන් කිහිපයකින් කැඩෙයි මාවිල්ආරු අමුණා අද (30) පෙරවරුවේ ස්ථාන කිහිපයකින් කැඩී ගොස් තිබේ. 30 November 2025
එළවළු මිල අහසට වෙළඳපොලේ එළවළු වල මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යෑමෙන් පාරිභෝගිකයෝ දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති. 30 November 2025
’’දිට්වා ’’සුළි කුණාටුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ 174,255 කට බලපෑම් නොවැම්බර් 26 වෙනිදින සිට දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක පවුල් 40740 ක පුද්ගලයින් 174255 ක් බලපෑමට ලක්ව ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න මහතා පැවසීය 30 November 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025