(අංජුල මහික වීරරත්න)

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂයේ දේශපාලනඥයෝ ඇතුළු පිරිසක් කොළඹ ලිප්ටන් වටරවුම ඉදිරිපිටදී අද(22) රාත්‍රී පන්දම් දල්වාගෙන උද්ඝෝෂණයක් කළහ.

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානය මෙම උද්ඝෝෂණය සංවිධාන කළේය.

ලිප්ටන් වට රවුමට රැස්වූ ඔවුහු විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් දැල්වූ පන්දම් ඔසවාගෙන විරෝධය පළ කළහ.

" අධිකරණයේ ස්වාධීනත්වය බේරා ගනිමු,"ජනතා පරමාධිපත්‍ය සුරකිමු"22 ජන බලයෙන් පරදවමු" ආදී පුවරු ප්‍රදර්ශනය කරමින් පැයක් පමණ එහි උද්ඝෝෂණය කළ ඔවුහු විසිර ගියහ.