
(රෝෂන් තුෂාර)
එයාර් බස් ගනුදෙනුවේ සිව්වෙනි සැකකාර නාමල් රාජපක්ෂ මහතාට අධිකරණය මගින් ඇප ලබා නොදීම සම්බන්ධයෙන් දේශපාලන රැළියකදී ප්‍රසිද්ධ ප්‍රකාශයන් සිදු කළේ යැයි කියන විමල් වීරවංශ මහතා අධිකරණයට අපහාසයක් සිදුකර ඇත්ද? යන්න පිළිබඳව සොයා බැලීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන්වරුෂ විතාන මහතා හමුවේ කරුණු දැක්වූ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ෙ පැවසීය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයාට කරන ලද නියෝගයක් පරිදි මෙම විමර්ශනය ආරම්භ කර ඇති අතර අදාළ ප්‍රකාශ මගින් අධිකරණයේ බලයට, ගරුත්වයට , අවමානයට හෝ අධිකරණය කෙරෙහි මහජනතාව සැකයක් මතුකර ඇද්ද යන්න පිළිබඳව විමර්ශනය කරන බව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.ෙ
ඒ අනුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කියා සිටියේ 2024 අංක 8 දරන අධිකරණයක, විනිශ්චය සභාවක හෝ විනිශ්චය ආයතනයකට අපහාසය කිරීම යටතේ අධිකරණ අපහසයක් සිදුකර තිබෙනවාද යන්න පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බවය.
වීරවංශ මහතා කරන ලද ප්‍රකාශ ඇතුළත් වීඩියෝ දර්ශන පොලිසියට ලබා දෙන ලෙසට රූපවාහිනිය ඇතුළු මාධ්‍ය ආයතනවලට නියෝග කරන ලෙසටද ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සංස්කරණය නොකළ හා කළ දර්ශන පොලිසියට ලබා දෙන ලෙසට රූපවාහිනී මාධ්‍ය ආයතන වලට නියෝග නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd