
(විමුක්ති එස් රුද්රිගූ)
මෙරට ලියාපදිංචි සමාගම් හයක වත්කම් අත්හිටවූ බව ශ්‍රී ලංකා මහා බැංකුව අද නිවේදනය කළේය.
ඒ අනුව එම සමාගම් හයේ සහ ඒවායේ අධ්යක්ෂවරුන් සතු සියලු දේපළ හා අනෙකුත් වත්කම් බැහැර කිරීම, පැවරීම හෝ වෙනත් ආකාරයකින් ගනුදෙනු කිරීම වළක්වා ඇතැයි මහා බැංකුව පැවසුවේය.
මහ බැංකුවේ අත්හිටුවීමේ නියෝග කොළඹ මහාධිකරණය විසින් තහවුරු කර දීර්ඝ කරනු ලැබ ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 44 වැනි වගන්තිය යටතේ මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා විසින් මෙම නියෝග නිකුත් කර තිබේ.
වත්කම් අත්හිටුවීමේ නියෝග දැනට ක්‍රියාත්මක සමාගම් වන්නේ කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් , සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්, සිංහ කැපිටල් ඉන්වෙස්මන්ට්, ප්‍රෝ ෂොප් ඇඩ්වර්ටයිසින් හෝල්ඩින්ග්ස් ඇතෙන්ස් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර් සහ එයොන් ලංකා ඉන්වෙස්මන්ට් ඇන්ඩ් ෆිල්ම් ප්‍රඩක්ෂන් ඉන්ටර්නැෂනල්ය.
මෙම සමාගම් අතරින් ඇතැම් සමාගම් සම්බන්ධයෙන් මුදල් ව්‍යාපාර පනතේ 42 වැනි වගන්තිය යටතේ විමර්ශන සිදු කෙරෙමින් පවතින අතර, අනෙක් සමාගම් සම්බන්ධයෙන් එම පනතේ 2 වැනි වගන්තියට පටහැනිව මූල්‍ය ව්‍යාපාර පවත්වාගෙන ගොස් ඇති බව සහ/හෝ මහජනතාවගෙන් තැන්පතු භාරගෙන ඇති බව මහ බැංකුව විසින් තීරණය කරනු ලැබ ඇත.
මහජනතාව තම මුදල් තැන්පත් කිරීමේදී නීත්‍යානුකූලව බලයලත් ආයතන පමණක් භාවිත කරන ලෙස මහ බැංකුව දැඩි ලෙස දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd