(නිමල කොඩිතුවක්කු)

දිවයිනට බලපා ඇති තද වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක නායයෑම් අවධානමක් තවදුරටත් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ප්‍රකාශ කරයි.

ඒ අනුව කොලඹ, ගාල්ල, කලුතර, කෑගල්ල, රත්නපුර, ගම්පහ, කුරුණෑගල, මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා හෙට(23) පස්වරු 4.00 දක්වා මෙම නායයෑම් නිවේදන නිකුත් කර ඇති බවද එම මධ්‍යස්ථානය පවසයි.

මෙයට අමතරව මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වල ප්‍රදේශීය ලේකම් කොට්ඨාෂ 5 ක් සඳහා නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇතැයි ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.