මුහුදු ගමන් තහනම් කලාපය මෙන්න දිට්වා ’’ [Ditwah] සුළිකුණාටුව කන්කසන්තුරය සිට කිලෝමීටර් 220 ක් ඊසාන දෙසින්, අක්ෂාංශ 11.5°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 November 2025
සරසවි අධ්‍යයන කටයුතු අත්හිටුවයි සියලු විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය පුහුණු ආයතන සියල්ලෙහි සියලු අධ්‍යයන කටයුතු දෙසැම්බර් 8 වැනිදා දක්වා අත්හිටුවන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 30 November 2025
මුදවාගැනීම් සඳහා ඉන්දීය හමුදා කණ්ඩායමක් බදුල්ලට බදුල්ල දිස්ත්‍රික්කයේ පැවති ධාරානිපාත වර්ශාවත් සමඟ දිස්ත්‍රික්කයේ දැනට විපතට පත්ව කොටුවි සිටින ජනතාව මුදවා ගැනීමට ඉන්දීය හමුදා නිළධාරින් කණ්ඩායමක්ද (30)පස්වරුවේ බදුල්ලට පැමිණි බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි. 30 November 2025
හැටන් කොළඹ මාර්ගයට කඩාවැටුණු පස්කදු ඉවත් කරයි හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කදු ඉවත් කිරීම කඩිනම් කිරීමට පියවර ගත් බව හැටන් කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීස් වීරසේකර මහතා පැවසීය. 30 November 2025
ජනපති අද ජාතිය අමතයි ජනාධිපති අනුර දිසානායක මහතා අද(30)වන දා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත ය. 30 November 2025
බෙල් 212 යානයේ සිටි ගුවන් හමුදා නිලධාරීන් බේරා ගැනේ ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගය හෙලිකොප්ටර් යානයේ හදිසිය ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් වෙන්නප්පුව ප්‍රදේශයේ දී ගොඩ බෑමට යාමේදී සිදුවූ අනතුරකින් එහි සිටි ගුවන් හමුදා නිලධාරීන් පස්දෙනෙකු තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කළ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක එරන්ද ගීගෙනගේ මහතා පැවසීය. 30 November 2025
හලාවත රෝහලේ සිටි රෝගින් ගුවනින් පුත්තලමට හලාවත මහ රෝහල ජලයෙන් යටවිමත් සමඟ එහි සිටි කුඩා දරුවන් ඇතුළු ගැබිනි මව්වරුන් 54 දෙනෙකු ගුවන් හමුදා ගුවන් යානයකින් පුත්තලම මූලික රෝහලට අද(30) දින රැගෙන ආවේය. 30 November 2025
ඉදිරි දවස් පහක් දුම්රිය යන එන හැටි ගැන නිවේදනයක් දෙසැම්බර් 1 දා සිට 5 වැනිදා තෙක් දුම්රිය ධාවනය කෙරෙන කාල සටහන දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. 30 November 2025
සහන මෙහෙයුම් යානයක් කඩා වැටෙයි ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගය හෙලිකොප්ටර් යානයක් හදිසිය ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් වෙන්නප්පුව ප්‍රදේශයේ දී ගොඩ බෑමට යාමේදී සිදුවූ අනතුරකින් එහි සිටි ගුවන් හමුදා නිලධාරීන් පස්දෙනෙකු තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කළ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක එරන්ද ගීගෙනගේ මහතා පැවසීය.ලිකෝප්ටර් යානාවක් වෙන්නනප්පුව ලුණුවිල ප්‍රදේශයට කඩාවැටි ඇති බව ආරංචි මාර්ග කියයි. 30 November 2025
අකුරම්බොඩ එකම පවුලේ 07ක් එක තැන වැළලෙයි පැවැති අයහපත් කාළගුණික තත්ත්වයත් සමඟ ඇති වු වැසි හේතුවෙන් සිදුවු නාය යාමකින් මාතලේ - අම්බොක්ක ප්‍රදේශයේ දී එකම පවුලේ හත් දෙනෙකු නිවස තුළදීම මිය ගොස් ඇතැයි මහවෙල පොලිසිය කියයි. 30 November 2025
එළවලු මාළු මිල තවත් වැඩිවෙයි රටතුළ පවතින ආපදා තත්වයත් සමඟ එළවළු මිල තුන්ගුණයකටත් වඩා ද, මාළු මිල දෙගුණයකින් ද, අද (30) පෙරවරුවේ ඉහළ ගොස් තිබුණි. 30 November 2025
ලිට්රෝ ගෑස් සැපයුමේ ගැටලුවක් නෑ ලිට්රෝ ගෑස් වෙළෙඳපොලේ අවශ්‍ය තරම් තොග පවතින බවත් ගෑස් පිරවීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බවත් ලිට්රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් ඊයෙය් (30) පැවසීය. 30 November 2025
හානි වූ යටිතල පහසුකම් ඉක්මනින් ගොඩනගන්න ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව මුදා ගැනීම් සහ සහන සේවා කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබා දෙන අතරම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අත්‍යවශ්‍ය මූලික යටිතල පහසුකම් යළි ස්ථාපිත කිරීමට ඉහළ අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය. 30 November 2025
ගුවන්තොටේ සිර වු සංක්රමණිකයෝ යළි ඉන්දියාවට දින කීපයක් තිස්සේ ඉන්දියාවට යාමට නොහැකිව කටුනායක ගුවන් තොටුපොළ තුළ රැදී සිටි ඉන්දීය සංක්‍රමණික ගුවන් මගීන් 400 ක පමණ පිරිසක් , ගංවතුර ආපදා ආධාර රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා දෙකකින් අද (30 ) පස්වරුවේ ඉන්දියාව බලා පිටත් කර හැරිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . 30 November 2025
මහනුවරට බොන වතුර බෙදයි මහනුවර මහනගර සභාවේ නාගරික බල ප්රදේශපදිංචිකරුවන් පානීය නළ ජලය බෙදා හැරීම මහනුවර ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් ආරම්භ කර තිබේ. 30 November 2025
මාතලේ - මහනුවර දුම්රිය මාර්ගය එල්ලෙන පාලමක් මහනුවර මාතලේ දුම්රිය මාර්ගය යටවර ප්‍රදේශයෙන් දරුණු නාය යාමකට ලක්ව තිබේ. 30 November 2025
මාර්ග හදන්න පටන් ගනී රට තුළ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් විනාශයට පත්වු සියළු මාර්ග සහ පාලම් කඩිනමින් යථා තත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා අද (30) පැවසීය. 30 November 2025
මාවිල් ආරුවේ 121ක් මුදා ගනී මාවිල් ආරු ප්‍රදේශයේ සිරවී සිටි පුද්ගලයන් 121 දෙනෙකු ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් මුදා ගෙන තිබේ. 30 November 2025
දෙසැම්බර් ඉන්ධන මිල වෙනස් නොවේ ඉන්ධන මිල සූත්‍රයට අනුව දෙසැම්බර් මස ඉන්ධන මිල වෙනස් නොවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 30 November 2025
පකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට මානුෂිය ආධාර පකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය, එරට සන්නද්ධ හමුදා සමඟ සමීප සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව සඳහා සහන සැපයීමට මානුෂීය සහන මෙහෙයුමක් ආරම්භ කර ඇත. 30 November 2025
‘ශ්‍රී පාද කන්දේ නායයාමක් නෑ‘ ශ්‍රී පාද කන්දේ කොටසක් නාය ගොස් ඇතැයි සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වන ජායාරූපයක් ගැන නිවේදනය ක් නිකුත් කරන ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් ප්‍රකාශ කරන්නේ එය නායයාමක් නොවනබව යැයි පොලීසිය පැවසීය . 30 November 2025
දිට්වා සුළි කුණාටුව තමිල්නාඩුවට කඩා පනී දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දැඩි වර්ෂාපතනයෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ තිදෙනෙකු මියගොස් ඇති බව තමිල්නාඩු ප්‍රාන්ත බලධාරීහු ප්‍රකාශ කළහ. 30 November 2025
ඉන්දීය සහන කණ්ඩායම 24 ක් බේරා ගනී ඉන්දිය රජය මගින් මෙරට මුදා ගැනීම් මෙහෙයුම් සදහා ලබා දී තිබූ ඉන්දිය ගුවන් හමුදාවට අයත් MI 17ඉන්දිය රජය මගින් මෙරට මුදා ගැනීම් මෙහෙයුම් සදහා ලබා දී තිබූ ඉන්දිය ගුවන් හමුදාවට අයත් MI 17 හෙලිකොප්ටර් යානය මගින් කොත්මලේ ප්‍රදේශයේ ආපදා තත්වය හේතුවෙන් අවතැන් වූ ගැබිනි කාන්තාවක්, රෝගීන් දෙදෙනෙක් සහ හෙලිකොප්ටර් යානය මගින් කොත්මලේ ප්‍රදේශයේ ආපදා තත්වය හේතුවෙන් අවතැන් වූ ගැබිනි කාන්තාවක්, රෝගීන් දෙදෙනෙක් සහ විදේශිකයින් ඇතුළු පුද්ගලයන් 24 දෙනකු බේරා ගෙන තිබේ. 30 November 2025
බදුල්ලේ මරණ 71 ක් :53 ක් අතුරුදන් බදුල්ල දිස්ත්‍රික්කයේ වර්ශාවත් සමග නායයාම්, පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී සිදුවු ආපදාවන් වලින් අද (30) දහවල් වනවිට පුද්ගලයන් 71ක් මියගොස් 53දෙනෙකු අතුරුදහන් ව පවුල් 7973ක පුද්ගලයන් 32762ක් විපතට පත්ව සිටින බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි . 30 November 2025
පැය 67 ක් නුවරඑළිය අඳුරේ නුවරඑළිය නගරය හා අවට ප්‍රදේශයන් වන නානුඔය, මීපිළිමාන, ශාන්තිපුර යන ප්‍රදේශවල පිවිසුම් මාර්ග හා ස්ථාන රැසක නාය යෑම් හා ගංවතුර තත්වයන්ගෙන් ආපදා විශාල ප්‍රමාණයක් සිදු වී ඇති බව නුවරඑළිය ආපදා කළමණාකරණ ඒකකය අනාවරණය කරයි. 30 November 2025
අද හවස දුම්රිය ගමන් මෙහෙමයි මුහුදුබඩ මාර්ගයේ මරදාන සහ ගාල්ල, කළුතර, අළුත්ගම අතර දුම්රිය 5 ක් අද සවස (30) ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 30 November 2025
අනිවත්ත බිංගයට පස් ගල් පෙරලෙයි මහනුවර අනිවත්ත බිංගයට පස් සහ ගල් පෙරළීම හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී තිබේ. 30 November 2025
රට පුරා ලේ හිඟයක්: පරිත්‍යාගශීලීන්ට ආරාධනයක් රුධිර හිඟයක් මතුව ඇති බැවින් රුධිරය පරිත්‍යාග කළ හැකි සැවොම පහත සදහන් ස්ථානයන් වෙත පැමිණ රුධිර පරිත්‍යාගය ලබාදෙන මෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලිමක් කළේය 30 November 2025
18 වංගුවේ යන්නේ බලාගෙනයි උඩදුම්බර සිට හසලක නගරය දක්වා දිවෙන 18 වංගුව මාර්ගය භාවිතා කිරීමේදී ප්‍රවේසම් වන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා මහජනතාවට දැනුම් දෙයි. 30 November 2025
තවලන්තැන්න මාර්ගය නාය යයි තලවකැලේ තවලන්තැන්න හරහා කොත්මලේ මාර්ගයේ කොත්මලේ පාලුවත්ත ප්‍රදේශයේ මීටර් 100ක පමණ කොටසක් නායයෑම නිසා සහන කණ්ඩායම් වලට කොත්මලේ ප්‍රදේශයට යෑමට නොහැකි තත්වයක් උද්ගත වී ඇත. 30 November 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025