
(අංජුල මහික වීරරත්න)
අධ්‍යාපන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන “සුජාත දියණි” සහ “තාක්ෂණවේදය” ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ මාසිකව ගෙවනු ලබන රුපියල් 750 දීමනාව ලබන වසරේ සිට රුපියල් 1500ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන "සුභග", “තාක්ෂණවේදය” සහ “සුජාත දියණි” ශිෂ්‍යත්ව වැඩසටහන් තව දුරටත් පුළුල් කරමින් ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.
එමෙන්ම එම ශිෂ්‍යත්ව ලබාදෙන සිසුන් ප්‍රමාණය 950 සිට 1000 දක්වාත් වැඩි කිරීමට ඇති හැකියාව පිළිබඳව මෙන්ම සියලු ගෙවීම් ජනාධිපති අරමුදල මඟින් සිදු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
එසේම සිසුසිසුවියන් වෙනුවෙන් ගෙවීමට නියමිත හිඟ ශිෂ්‍යාධාර කඩිනමින් ගෙවා නිම කිරීමටත් මෙහිදී තීරණය කෙරිණි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාසල් කටයුතු) ඩබ්.ඒ. නීලිකා පෙරේරා, ප්‍රධාන මූල්‍ය නිලධාරි ඒ.එස්.ඩී. අළුත්ගේ, අධ්‍යාපන අධ්යක්ෂ (පාසල් කටයුතු) එන්.ජී.එස්. සිරිවර්ධන මහත්ම මහත්මීහු ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd