
(යොහාන් භාසුර)
ඉන්ධන සඳහා රජයෙන් ලැබෙන සහනාධාරය කොපමණ දැයි ලබන සතියේ තීරණය කරන බවත් සහනාධාරය ලැබෙන ප්‍රමාණය අනුව ඉන්ධන මිල තීරණය වන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අද (23) පැවසීය.
දෙමටගොඩ පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයේදී අද (23) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඩී. ජේ. රාජකරුණා මහතා එසේ පැවසීය.
ඉන්ධන සඳහා කොපමණ සහනාධාරයක් දෙන්නේ යැයි ආණ්ඩුව සාකච්ඡා කරමින් සිටින බවත් තෙල් පිරිපහදුවෙන් ඩොලර් මිලියන 315 ක පමණ ලාභයක් ලැබීම නිසා මීට පෙර ඉන්ධන සඳහා සහනාධාරයක් දීමේ හැකියාව ලැබුණු බවත් ඒ මහතා කීය.
මෙම ගැටලුව හේතුවෙන් කිසිම ආකාරයකට රටේ තෙල් හිඟයක් ඇති නොවන්නේ යැයි ඉතාම වගකීමෙන් පවසන බවත් අර්බුදය හමුවේ සෙසු සමාගම් ඔක්තෝබර් මාසයේ තෙල් ආනයනය නොකරන අතර ඒ නිසා තෙල් සංස්ථාව හැටියට වැඩිපුර තෙල් ගෙන්වන බවත් ඒ මහතා පැවසීය.
රට තුළ ඕනෑ තරම් තෙල් ඇති අතර සැපයුමේ ගැටලුවක් ද නොමැති බව කී රාකරුණා මහතා යුද්ධයය හේතුවෙන් මිලේ පමණක් ගැටලුවක් ඇතිවී තිබෙන බව ද සඳහන් කළේය.
පසුගිය පෙබරවාරි මස යුද්ධය ඇතිවීමෙන් පසුව ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළ ගිය ද දේශීය වෙළෙඳපොලේ ඉන්ධන මිල පාලනය කරගත් බවත් නැවත යුද්ධය ඇතිවීමෙන් අගෝස්තු මාසයේ නැවතත් ලෝක වෙළෙඳපොලේ තෙල් මිල ඉහළ යෑමෙන් විදේශ සමාගම් පාඩු ලබන්නේ යැයි දැනුම්දී ඇති බවත් ඩී. ජේ. රාජකරුණා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd