(එන්. ආරච්චි)

කිතුල්ගල, මහබාගේ ප්‍රදේශයේ මන්නකැති ඇල්ලේ  දිය නෑමට ගිය හෝටල් සේවකයන්  දෙදෙනකුගෙන් එක් අයකු මියගොස් තවත් අයකු අතුරුදන්ව ඇතැයි කිතුල්ගල පොලිසිය කියයි. 

මියගොස් ඇත්තේ දිමුතු තරංග ගුණරත්න නමැති තරුණයෙකි.

ඇල්ල අසන්නයේ ඇති  හෝටලයක සේවයට පැමිණ සිටි ගම්පොල, කුරුදුවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනකු දිය නෑමට ගිය අවස්ථාවේ දියෙ ගසාන ගොස් ඇතැයි පොලිසිය කියයි

දිමුතු තරංග ගුණරත්න නමැති තරුණයාගේ සිරුර දිය ඇල්ලට පහලින් ප්‍රදේශයේ දින සවසම පොලීසිය හා ප්‍රදේශවාසීන්  සොයා ගත් බව පොලිසිය කියයි.