(රංජිත් රාජපක්ෂ)

ඔහිය ප්‍රදේශයට අද (23) දින උදැසන ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය උමං මාර්ගයක් අසළට ගසක් කඩා වැටීමෙන් බදුල්ල සිට නානුඔය දක්වාත්, නානුඔය සිට බදුල්ල දක්වාත් ධාවනය වූ දුම්රියන් කිහිපයක් පැය කිහිපයක් ප්‍රමාද වී ධාවනය වූ බව නානුඔය දුම්රිය ස්ථනයේ නිළධාරියෙකු පැවසීය.

කඩා වැටුණු ගස කපා ඉවත් කිරිමෙන් අනතුරුව නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියත්, බදුල්ලේ සිට නානුඔය දක්වා ධාවනය වූ ඔඩිසි දුම්රියත් ප්‍රමාද වී ධාවනය වීම නිසා එම දුම්රියන් වලින් ගමන් කිරිමට පැමිණි සංචාරකයන්ගෙන් නානුඔය දුම්රිය ස්ථානයේ දිගු වේලාවක් රැදී සිටියහ.