(නිමල කොඩිතුවක්කු)

මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ බී කොටසේ   හටගත් හදිසි ගිනිගැනීමකින් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තවත් සිවුදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

මොරටුව ගිනි නිවන ඒකකය, ගිනි නිවීමේ රථ 2ක් යොදවා ගින්න පාලනය කිරීමේ කටයුතු සිදුකරමින් සිටී.

ගිනිගැනීමට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති අතර, ගෑස් කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට සැක පළ කෙරේ.