රන් පවුමක මිල තවත් ඉහළට රත්තරන් පවුමක මිල දින පහක් තුළ රුපියල් 6,000 කින් ඉහළ යෑමෙන් කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක් මිල රුපියල් 315,000 ක් බවට පත්වූ බව හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ අද (1) පැවසූහ. 01 December 2025
යළි සුළි කුණාටුවක් නෑ ඉදිරි සති දෙකක කාලය තුළ දිවයිනේ හිතකර සාමාන්‍ය කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා පර්තමේන්තුව පවසයි 01 December 2025
වැලිමඩ- කැප්පෙටිපොල එළවළු තොග ගොඩ ගැහිලා ප්‍රධාන එළවළු සැපයුම් ප්‍රදේශ වන බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ සහ කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථාන වලට විශාල වශයෙන් ගෝවා, කැරට්, බෝංචි ආදී එළවළු වර්ග තොග ලැබෙමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. 01 December 2025
ආපදා කඳවුරු වල පිහිටට ’’ආරෝග්‍ය’’ එයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් පවත්වන ආරෝග්‍යා සෞඛ්‍ය සායනය ආපදා සුරක්ෂිතතා මධ්‍යස්ථාන වල ක්‍රියාත්මක කරන බව අමාත්‍යංශය කියයි. 01 December 2025
අධාර රැගත් ඉන්දියානු නෞකාවක් ත්‍රි‘මලේ වරායට ජල ගැලීම්වලින් විපතට පත් නැගෙනහිර ජනතාවට සහන සැලසීම සඳහා ආධාර තොගයක් රැගත් ’’සුඛන්යා’’ (INS Sukanya ) නැමැති ඉන්දියානු නාවික නෞකාව අද (01) ත්‍රිකුණාමල අෂ්රොප් ජැටියට සේන්දු වුහ. 01 December 2025
බදුල්ලේ 82ක් මරුට බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ ආපදාවන්වලින් මියගිය ගණන 82 දක්වා අද (01) ඉහළ ගිය බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි. 01 December 2025
මහියංගන රෝහලේ ඕ.පී.ඩී අරී මහියංගන මූලික රෝහලේ බාහිර රෝගී අංශය (OPD) අද(1) විවෘත කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තෘතීය සත්කාර සේවා අංශයේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පැවසීය. 01 December 2025
ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ ලාෆ් ගෘහස්ථ ගෑස් මිල මෙම මස (දෙසැම්බර්) සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය. 01 December 2025
ගම්පහ පිරිසිදු කරයි දින කිහිපයක් ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව මත ඇතිවූ ගංවතුර ගැලීම හේතුවෙන් අප ජලය මුසුව අපවිත්‍ර වූ ගම්පහ නගරය පවිත්‍ර කිරීමට මහ නගර සභාව පියවර ගනු ලැබීය. 01 December 2025
මධ්‍යම පළාතේ පුද්ගල මරණ 202ක් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ක මරණ 103ක් ද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 75 ක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් 62 ක් අතුරුදන්ව ඇතැයි ද මාතලේ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 24ක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් 06ක් අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිවේදනය කරයි. 01 December 2025
හෙලිකොප්ටර අනතුර ගැන හොයන්න විමර්ශන මණ්ඩලයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරයේ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ විමර්ශන මණ්ඩලයක් පත්කර අැත 01 December 2025
යක්කල ආයුර්වේදය අසලින් එක් මං තීරුවක් විවෘත කරයි කොළඹ - මහනුවර මාර්ගයේ, යක්කල ආයුර්වේදය අසල කොටසක් ගිලා බැසීමට ලක්වූ පාළමෙන් දෙපසට රථවාහන ධාවනය කිරීම සඳහා මංතීරුවක් විවෘත කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සදහන් කරයි. 01 December 2025
පොළොන්නරුවේ පවුල් 7,434ක් අපදාවට දින කිහිපයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හා ගංවතුර තත්ත්වය නිසා පවුල් 7434 ක පුද්ගලයින් 25293 දෙනෙකු අද( 01 ) වනවිට ආපදාවට ලක්වී සිටින බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කරයි. 01 December 2025
මුලතිව් ගොවිබිමක සිරවී සිටි පිරිසක් බේරා ගැනේ මුලතිව් මුත්තියංකට්ටු ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමත් සමඟ ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් කුමුළමුනෙයි නීතකායි සහ ආනන්දපුරම් හි ගොවිබිම් වල දින දෙකක කාලයක් කොටුවී සිටි ගොවීන් හත්දෙනකු සහ පිරිමි දරුවකු අද (01) නිරුපද්‍රතව බේරාගැනීමට මුලතිව් ධීවරයින් සහ තරුණ පිරිසකට හැකිවිය. 01 December 2025
හැටන් -කොළඹ පාර පැත්තක් අරී පැවති අයහපත් කාළගුණයත් සමග පස්කඳු කඩාවැටීම නිසා අවහිරව තිබූ හැටන් -කොළඹ ප්‍රධාන මාර්ගය දින පහකට පසු එක් මංතීරුවක් අද දහවල් විවෘත කළේය. 01 December 2025
සිරිපා වන්දනා වාරය ඇරඹේ මෙවර (2025/26) සිරිපා වන්දනා වාරය 04දා ට යෙදෙන උදුවප් පුරපොහොය දිනයෙන් ආරම්භ වන බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පැවසූහ. 01 December 2025
ජල ගැලීම් ප්‍රදේශවල ළිං ජලය පානය පරිස්සමෙන් ජල ගැලීම්වලට ලක්වු ප්‍රදේශවල ජනතාව පානීය ජලය භාවිත කිරීමේදී දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි. 01 December 2025
රටේ ප්‍රධාන ව්‍යාපාරිකයන් සමග ජනපති සාකච්ඡාවක මතුපිටින් පෙනෙන තත්ත්වයට වඩා විශාල විනාශයක් ගංවතුර සහ නායයාම් නිසා රටට සිදුව ඇති හෙයින් භාණ්ඩාගාර මුදල් වලින් පමණක් ව්‍යසනයට මුහුණ දිය නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 01 December 2025
සේනානායක සමුද්‍රයේ ජල මට්ටම පහළ බසී ඉඟිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අද(01) උදැසන වනවිට අඩි 96 ක් දක්වා පහළ බැස තිබේ. 01 December 2025
ගංවතුර ගෙවල් සුද්ද කරගන්න ආණ්ඩුවෙන් මුදල් ගංවතුරට හසුවූ නිවාස වල පස්, සුන්බුන් ඉවත් කර ශුද්ධ පවිත්‍ර කර ගැනීම සඳහා රජයෙන් රුපියල් 10,000ක අත්තිකාරම් මුදලක් ලබා දෙන බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා පැවැසීය. 01 December 2025
බදුල්ලේ වැව් අමුණු ඇළ මාර්ග 920 ක් විනාශයි බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවු ආපදාවන් වලින් දිස්ත්‍රික්කයේ වැව්,අමුණු,ඇලමාර්ග 920 ක් විනාශවී ගිය බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය අද (1) පැවසීය . 01 December 2025
මී උණ වලකන පූර්ව ප්‍රතිකාරය නොමිලේ ගංවතුර ආපදා තත්වයට මුහුණ දුන් ජනතාව මී උණ වැලැක්වීමේ පූර්ණ ප්‍රතිකාරය (Doxycycline) නොමිලයේ ලබා ගැනීම සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා අමතන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි. 01 December 2025
අයි.ඩී.එච්- මුල්ලේරියා රෝහල් වලට ගංවතුර නෑ ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) හා මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ගංවතුරට යට වෙමින් පවතින බවට පැතිර යන කතා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් එම රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 01 December 2025
පුන්‍යා කත්‍රිආරච්චි හඬ නිහඬ වෙයි ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය. 01 December 2025
චිත්‍රා බාලසූරිය දිවි රඟමඩලින් සමුගනී මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය. 01 December 2025
යළි දැනුම් දෙනතුරු හලාවත මහ රෝහල වසා දමයි හලාවත මහ රෝහල නැවත දැනුම් දෙන තුරු වසා ඇතැයි රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා අද (01) පැවසීය. 01 December 2025
ඩ්‍රෝන යවද්දි දැනුම් දෙන්න දුරකතන අංක අනවසර ඩ්‍රෝන යානා ගුවන් ගත කිරිමෙන් ආපදාවට ලක්වූ ජනතාව බේරාගැනීමේ මෙහෙයවුම්වලට මෙන්ම ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ජීවිතවලට සහ ගුවන් යානාවලට බරපතළ තර්ජනයක් එල්ල වන බව ගුවන් හමුදාව පවසයි. 01 December 2025
හැටන් කොළඹ මාර්ගයේ පස් කදු ඉවත් කිරිම කඩිනම් කරයි හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කඳු ඉවත් කිරිම කඩිනම් කිරිමට පියවර ගත් බව හැටන් කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීස් වීරසේකර මහතා පැවසීය. 01 December 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025