ලිහිසි තෙල් නාම අනුකරණය කළැයි දෙදෙනෙකුට ඇප
බුද්ධිමය දේපල පනත උල්ලංඝනය කරමින් ලෝක ප්රකට වෙළඳ නාම වන කැල්ටෙක්ස් සහ ඩෙලෝ ජනප්රිය වෙළඳ ලකුණු නීති විරෝධීව අනුකරණය කර ලිහිසි තෙල් නිෂ්පාදනය, බෙදා හැරීම සහ අලෙවි කිරීම සිදු කළේ යැයි කියන මාවනැල්ලේ සහ කෑගල්ලේ වෙළඳ ආයතන දෙකක හිමිකාර සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදා හැරීමට, මාවනැල්ල සහ කෑගල්ල මහේස්ත්රාත් අධිකරණ පසුගියදා නියෝග කළේය.