(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය එළි දැක්වූ "හරිත පත්‍රිකාව" මගින් ඉදිරි වසර 20ක කාලයක් සඳහා රට හරි මගට ගෙනයන සැලසුම් ඉදිරිපත් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවැසීය.
එක්සත් ජාතික පක්ෂයට වසර 80 ක් සපිරෙන අවස්ථාවේ අනාගත පරම්පරාවට මේ රට බාර දෙන්නේ කෙසේද යන කාරණය මුල්කර ගනිමින් මෙම හරිත පත්‍රිකාව ඉදිරිපත් කර ඇතැයිද අබේවර්ධන මහතා කීය.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (28) පැවැති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් වජිර අබේවර්ධන මහතා මෙසේද පැවසීය.
එක්සත් ජාතික පක්ෂයට වසර 80 ක් සපිරෙන අවස්ථාවේ, අනාගත පරම්පරාවට මේ රට බාර වෙන්නේ කෙසේද යන්න වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී දීර්ඝ වශයෙන් කරුණු ප්‍රකාශ කළා.
ඒ අනුව විශේෂයෙන්ම “හරිත පත්‍රිකාව” නැමැති ලියවිල්ල එතුමා විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ අනුව මේ වන විට භාෂා ත්‍රිත්වයෙන්ම එනම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසී ආදී වශයෙන් මේ රටේ සියලු දේශපාලන පක්ෂවලට මේ ලියවිල්ල ලබාදීම සිදුකර තිබෙනවා. එසේම එම ලියවිල්ල ඉදිරියේදී මේ රටේ සියලු පුරවැසියන් ආවරණය වන පරිදි ලබා දීමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd