ඉන්ධන රැස් කළොත් කිව්.ආර් ගේනවා ජනතාව බොරුවට කලබල වී අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කළොත් ඉන්ධන නිකුත් කිරීම සඳහා කිව්.ආර් ක්‍රමවේදය භාවිත කිරීමට සිදුවන බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා පැවසීය. 01 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය වැසෙයි ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකයේ වැදගත්ම බොරතෙල් වෙළඳ නැව් මාර්ගවලින් එකක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉස්ලාමීය විප්ලවාදී ආරක්ෂක බළකාය කටයුතු කළ බව ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 01 March 2026
ඉරාන හිතවාදීන් පාකිස්තානයේ විරෝධයක:හමුදා ප්‍රහාරවලින් නවයක් මරුට ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ඝාතනය වීමත් සමග පාකිස්තානයේ කරච්චි නුවර පිහිටි ඇමෙරිකා කොන්සියුලර් කාර්යාලය කඩාවැදීමට උත්සාහ කළ කෝපයට පත් ඉරාන හිතවාදී විරෝධතාකරුවන් පාලනය කිරීමට පාකිස්තාන හමුදා සිදුකළ වෙඩි තැබීමකින් 9 ක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. 01 March 2026
ලාංකිකයන් ලක්ෂ 10 මැද පෙරදිග වැඩ මැද පෙරදිග කලාපයේ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 10 ක් පමණ සිටින බවත් එහි පවතින ආරක්ෂක තත්වය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් එම අමාත්‍යාංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 01 March 2026
උඩින් ගිහින් එක්කෝටි විසි ලක්ෂයක් පොලු තියලා විවිධ ආයතන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා කුලියට ගෙන රුපියල් එක්කෝටි විසි හත් ලක්ෂයක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි අලුත්ම විගණන වාර්තාවල දැක්වේ. 01 March 2026
ඉරානයෙන් දරුණු ප්‍රහාරයක් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණයත් සමග ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය අද මැද පෙරදිග කලාපයේ රටවල් නවයක පිහිටි ඇමෙරිකා හමුදා කඳවුරු 27 කට, ඊශ්‍රායලයේ ආරක්ෂක හමුදා මූලස්ථානය සහ ටෙල් නොෆ් ගුවන් හමුදා කඳවුරුට හයවැනි වරටත් දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කළේය. 01 March 2026
පස් ජාවාරම් කළ පැන්ෂන් ගිය ග්‍රාමයා මාට්ටු දුටුවැව පාර කපුගොල්ලැව හොරොව්පතාන පිහිටි පදවි රක්ෂිතයක අනවසරයෙන් පස් කපමින් සිටි විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයකු ස්කෙයාවෙටර් වර්ගයේ බර වාහන යන්ත්‍රයක් සහ ලොරි රථ දෙකක් සමග අත්අඩංගුවට ගත්බව කහටගස්දිගිලිය වන අඩවි කාර්යාලය පවසයි. 01 March 2026
කාන්තා දිනයට පාර්ලිමේන්තු විවාදයක් ලබන බ්‍රහස්පතින්දා ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විවාදයක් ලබන 5 වැනිදා බ්‍රහස්පතින්දා පැවැත්වීමට තීරණය කර ඇත. 01 March 2026
සෞදි අරාබියේ ලාංකිකයන්ට හදිසි නිවේදනයක් මැද පෙරදිග කලාපයේ වර්තමාන ආරක්ෂක තත්ත්වයෙහි ඇතිවෙමින් පවතින වෙනස්කම් සම්බන්ධයෙන් අවධානයෙන් හා සැලකිලිමත්ව සිටින ලෙස රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දැනුම් දෙයි. 01 March 2026
අපරාධ සැකකරුවෝ 626ක් කොටු දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වලදී ඊයේ (28) සැකකරුවන් 626ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. 01 March 2026
මැදපෙරදිගට යන-එන ගුවන් ගමන් රැසක් අවලංගුයි මැදපෙරදිග ඇතිවී තිබෙන යූධමය වාතාවරණය යටතේ කටුනායක ගුවන් තොටුපොළට අද (01 ) දහවල් 12.00 වනවිට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා 26 ක ගුවන් ගමන් අවලංගු වී තිබූ අතර , කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් ගමන් 28 ක් අවලංගු වී ඇතැයි කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය . 01 March 2026
සියලු ආකාර ප්රචණ්ඩත්වය හෙලා දකිනවා සියලු ආකාරයේ ප්රචණ්ඩත්වය හෙලා දකින බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 01 March 2026
රනිල්ගෙ වැඩ ගැන රටට කියන්න වැඩක් අරඹයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දර්ශනය සහ නායකත්ව ගුණාංග පිළිබඳව අනාගත පරපුර දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. 01 March 2026
වතු නිවාස පෙළක ගින්නකින් නිවාස 10 ක් විනාශ වෙයි ලිදුල වෝල්ට්‍රීම් වතුයායේ වතු නිවස පේළියක හටගත් ගින්නකින් වතු නිවාස 10ක සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව ලිදුල පොලිසිය පැවසීය. 01 March 2026
ඉරානයේ දින 40 ක ශෝක කාලයක් ඉරානය තම උත්තරීතර නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙම ශෝක කාලය ප්‍රකාශයට පත් කරන ලද්දේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මියගිය බව ඉරාන රජය නිල වශයෙන් සනාථ කිරීමෙන් අනතුරුවය. 01 March 2026
කණ්ඩලම වැවේ නාන්න ගිය තරුණයෙක් මරුට කණ්ඩලම ජලාශයේ වාන ආසන්නයේ දියනෑමට තහනම් කර ඇති ස්ථානයකින් දියනෑම සඳහා ගියා තරුණයෙකුට දියේ ගිලී ජීවිතක්ෂයට පත් වූ බව දඹුල්ල පොලිසිය කියයි. 01 March 2026
ඉරානයට අන්තර්වාර රජයක් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු, ජනාධිපති ලෙස කටයුතු කරන මධ්‍යස්ථමතධාරී මෙසූඩ් පෙසෙෂ්කියන් එරට නීතිපති සහ නීතිවේදීන් කීප දෙනකු සමඟ එක් වී අන්තර්වාර රජයක් පිහිටුවනු ඇතැයි පැවැසෙයි. 01 March 2026
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ප්‍රගතිය සොයා බලයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්රියාවලියෙහි වත්මන් ප්‍රගතිය විමසා බැලීමේ සහ අධ්‍යාපන ක්ෂේත්රය සම්බන්ධ අනෙකුත් කරුණු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 01 March 2026
ඉරාන නායකයා මියගිය බව තහවුරුයි ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනී ජීවිතක්ෂයට පත්වුණු බව ඉරාන ජාතික රූපවාහිනිය මීට සුළු මොහොතකට පෙර පැවැසීය. කමේනි මියගොස් ඇත්තේ, ඇමෙරිකන් සහ ඊශ්රාවල හමුදා කමේනිගේ නිවසට පමණක් එල්ල කළ මිසයිල ප්‍රහාර 30 කිනි. 01 March 2026
මැද පෙරදිග ලාංකිකයන්ට රජයෙන් උපදෙස් මාලාවක් මැදපෙරදිග වෙසෙන ලාංකික ජනතාව ආරක්ෂා විය යුතු ආකාරය පිළිබඳව ලංකා රජයේ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. 01 March 2026
ඉන්ධන හිඟයක් එන්නේ නෑ ඉදිරි මාසයක කාලයක් සඳහා ඉන්ධන සංචිත තිබෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා පැවැසීය. 01 March 2026
අද වැස්ස නැති දවසක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 01 March 2026
ඉරාන ආරක්ෂක ප්‍රධානීන් මරුට ඊශ්‍රායලය ඉරානය ඉලක්ක කර ගනිමින් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින්, ඉරාන ආරක්ෂක අමාත්‍ය අසීස් නසීර්සාදේ සහ ඉරාන විප්ලවීය හමුදා බලඇණියේ ගොඩබිම් හමුදා අණදෙන නිලධාරී මොහොමඩ් පක්පූර් මියගොස් ඇති බවට වාර්තා වෙයි. 01 March 2026
ලාංකිකයන්ට අනතුරක් නෑ මැදපෙරදිග කලාපයේ නොසන්සුන්තාවය හමුවේ, එම කලාපයේ රටවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව පිළිබඳව විදේශ අමාත්‍යාංශය සිය දැඩි අවධානය යොමු කර ඇත. 01 March 2026
ජෝර්දානයේ ලාංකිකයන්ට උපදෙස් මාලාවක් මැදපෙරදිග යුදමය තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ජෝර්දානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. 01 March 2026
මැදපෙරදිග රටවල් කීපයක පිපිරීම් ඊශ්‍රායලය සහ ඇමෙරිකාව එක් වී, ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් ඉරානය පෙරළා ඊශ්‍රායලයට සහ කලාපයේ ඇමෙරිකන් හමුදා කදවුරුවලට ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇත. 01 March 2026
ඉරානයේ පාසලකට ප්‍රහාරයක් ඉරානයේ දකුණු දිග හෝමොස්ගන් (Hormozgan) පළාතේ මිනාබ් (Minab) නගරයේ පිහිටි ප්‍රාථමික බාලිකා විදුහලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වීමෙන්, 85 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. 01 March 2026
අලි කමේනි මරා දැම්මා - ට්‍රම්ප් ඉරානයට එල්ල කළ ඇමෙරිකන් සහ ඊශ්‍රායල ප්‍රහාරවලින්, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මරා දැමීමට හැකිවුණු බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 01 March 2026
ඉන්ධන වර්ග 3 ක මිල ඉහළ යයි පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු ඉන්ධන වර්ග තුනක මිල ඉහළ දැවීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (28) රාත්‍රී නිවේදනය කළේය. 01 March 2026
විස මත නසන සතිය හෙට සිට ඇරැඹෙයි රටම එකට ජාතික මෙහෙයුම් වැඩසටහන යටතේ ප්‍රකාශයට පත් කරන ලද විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය හෙට(1) සිට ඇරැඹෙයි. 28 February 2026
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026