(අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)

භාර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මුදල් විශුද්ධි කරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ කාර්ය සාධක බලකාය විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ මත පදනම්ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් යෝජනා කරන ලද සංශෝධන ඇතුළත් කරමින් 1917 අංක 9 දරන භාර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා 2024-12-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති භාර (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.