
(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ සංවර්ධනය සඳහා බ්‍රසීල ෆෙඩරේටිව් ජන රජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජය අතර තාක්ෂණික සහයෝගිතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජය සහ බ්‍රසීල ෆෙඩරේටිව් ජන රජය අතර මූලික තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක් 2008-09-16 වන දින අත්සන් තබා ඇත.
එකී ගිවිසුමට අනුකූලව, ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන සහ උක් වගා ක්ෂේත්‍රයෙහි සංවර්ධනය හා ධාරිතා වර්ධනය සඳහා බ්‍රසීල තාක්ෂණික සහාය ලබා දීමට අදාළව පුළුල් අධ්‍යයනයක් සිදු කිරීම පිණිස බ්‍රසීල විශේෂඥයින්ගෙන් සමන්විත උසස් මට්ටමේ නියෝජිත පිරිසක් 2023 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ තාක්ෂණික නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.
එකී තාක්ෂණ කණ්ඩායමේ නිරීක්ෂණයන් සහ ජාතික විද්‍යා පදනම විසින් බ්‍රසීල සහයෝගිතා නියෝජිත ආයතනය වෙත ඉදිරිපත් කරනු ලැබූ සංකල්ප පත්‍රිකාවක් මත පදනම්ව 2008 වර්ෂයේදී අත්සන් තබන ලද මූලික තාක්ෂණික සහයෝගිතා ගිවිසුම යටතේ කිරි කර්මාන්තයේ සංවර්ධනය සඳහා වන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන තාර්කික රාමුව ඇතුළත් සහයෝගිතා ගිවිසුමක් කෙටුම්පත් කිරීමට දෙපාර්ශ්වයට එකඟ වී තිබේ.
ඒ අනුව, බ්‍රසීල විදේශ කටයුතු අමාත්‍යාංශයේ බ්‍රසීල සහයෝගිතා නියෝජිත ආයතනය, විකෝසා ෆෙඩරල් විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකා රජය අතර ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන සහයෝගිතා ගිවිසුම අත්සන් තැබීමටත්, එම සහයෝගිතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා පූර්වඅවශ්‍යතාවක් වන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ රජය සහ බ්‍රසීල ෆෙඩරේට්න් ජන රජයේ රජය අතර අනුපුරක ගැලපුම් ගිවිසුම අත්සන් තැබීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාක්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාක්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd