(ඩී.ජී. සුගතපාල)

සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් බද්දේගම වව්ලුගල ප්‍රදේශයේදි ත්‍රි රෝද රථයකට වෙඩි තබා දෙදෙනකු ඝාතනය කිරිමේදි  බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලැබූ   කාන්තාව ද මියගිය බව ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ ගොඩහේන පදිංචිව සිටි ඩී.එන්.ජී.මල්ලිකා නමැති කාන්තාවකි.මේ අනුව එම ත්‍රි රෝද රථයේ සිටි තිදෙනාම ඝාතනයවි ඇත.

මෙම කාන්තාව සහ ඇයගේ දියණිය සමග ත්‍රි රෝද රථයකින් බද්දේගම පොලිසියට පැමිණ ආපසු යමින් සිටියදි මෝටර් රථයකින් පැමිණි කණ්ඩායමක්  වව්ලගල ප්‍රදේශයේදි වෙඩි තබා ඇත.

එහිදි දියණිය සහ ත්‍රි රෝද රථ රියදුරු එම ස්ථානයේම මිය ගිය අතර තුවාල ලබා සිටි මෙම කාන්තාව කරාපිටිය රෝහලට ඇතුළත් කර සිටියාය.