
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නොරෝච්චෝල ලක්විය බලාගාරයට ගෙනා රුපියල් කෝටි ගණනක ඩිසල් තොගයක් බලාගාරය ලැබි නොමැති බව ඉලෙක්ට්‍රිර්සිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිඩට් අභන්තර ආරංචි මාර්ග කියයි
ඒ සම්බන්ධව පුළුල් පරික්ෂණයක් ආරම්භ වී ඇතැයි ඉලෙක්ට්‍රිර්සිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිඩට් හි ඉහල නිළධාරීයෙක් කීය.
මෙලෙස පරික්ෂණ ආරම්භ වී ඇත්තේ ලක්විජය බලාගාරයට කොලොන්නාව හා සපුගස්කන්ද ඉන්ධන පර්යන්ත වලින් ගෙන ගිය ආ ඩිසල් බලාගාරයට ලැබි නොමැතිව අදාල ලේඛණ වල එම ඉන්ධන තොග ලැබි ඇති බවට සටහන් කිරීම සම්බන්ධව සිදු කළ අභ්‍යන්තර විගණනයකින් බව පැවසෙයි.
මේ අනුව පසුගිය 2025 දෙසැම්බර් මාසයේ අවස්ථා දෙකක හා 2026 ජනවාරි මාසයේ අවස්ථා තුනකදී බලාගාරයට ලැබිය යුතු රුපියල් ලක්ෂ 160 කට අධික ඉන්ධන තොගයක් බලාගාරයට ලැබි නොමැති බව අභ්‍යන්තර විගණන වලින් තහවුරු වී තිබේ.
ඒ සම්බන්ධයෙන් ඉලෙක්ට්ර්සිටි ජේනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් හි අභ්‍යන්තර විගණන ඒකකයේ නිළධාරීන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම ඩිසල් වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ලක්විජය බලාගාරයේ අදාල ඉන්ධන ඒකකය භාර ගබඩා නිලධාරියා තාවකාලිකව එම තනතුරීන් ඉවත් කර වැඩ ආවර්ණයට වෙනත් නිළධාරීයකු යොදවා ඇති බවද කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd