
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව කිතුලට ගිය මිනිහා වගේ විසි දෙවැනි සංශෝධනය සාධාරණීකරණය කරන්නට උත්සාහ කරන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්රීනී නීතීඥ චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය පැවසුවාය.
"මේ ව්‍යවස්ථා සංශෝධනය සාධාරණීකරණය කිරීම සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් නොයෙක් තර්ක ඉදිරිපත් කරනවා.මේ කතා වලින් සියයට 95ක මූලික තර්කයක් තිබෙනවා.ඔවුන් පුන පුනා කියූ කතාව වන්නේ අධිකරණ පද්ධතියේ නඩු ගොඩ ගැසීමයි.නඩු ගොඩ ගැසීම වැළැක්වීම අත්‍යවශ්‍ය බව අපත් පිළිගන්නවා.නමුත් මේ ව්‍යවස්ථා සංශෝධනයට ඒ කාරණය ඈඳා ගැනීම කිතුල් ගසට ගිය මිනිසාට කියන්න දෙයක් තිබීම වගේ එකක්.කිතුල්ගහට නැගපු මිනිහා කිව්වේ තණකොළ කපන්න ගිය බවයි. නමුත් ඇත්තටම ඔහු කිතුලට ගියේ රා බොන්න.ආණ්ඩුව යටි අරමුණක් තියාගෙන වෙන අරමුණක් ඉදිරිපත් කරනවා.මේ සංශෝධනය හදිසියේ ගෙන එන්නේ ඇයිද යන ප්‍රශ්නයට අපට තවමත් විසඳුමක් ලැබිලා නැහැ යනුවෙන්ද කිරිඇල්ල මහත්මිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd