
(අංජුල මහික වීරරත්න)
මෙරට රෝගී සත්කාර සේවාවේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම, ඖෂධ ප්‍රසම්පාදනය හා භාවිතය වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම මෙන්ම ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට භාජනය කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ජාතික අන්තර් විද්‍යායතන කමිටු රැස්වීම සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ලයනල් අනුස්මරණ ශ්‍රවණාගාරයේදී පැවැති මෙම කතිකාවතේ දී ඖෂධ මිලදී ගැනීමේදී අනුගමනය කරන ටෙන්ඩර් හා තාක්ෂණික ඇගයීම් ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමු කෙරිණි. එමෙන්ම ඖෂධ මිල තීරණය කිරීම සහ රෝගී ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ කාර්යක්ෂමව හා සුදුසු පරිදි භාවිත කිරීම සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු කර ගන්නා ලදී.
විශේෂයෙන්ම අධික පිරිවැයක් සහිත ඖෂධ සම්බන්ධයෙන් ඒවා ප්‍රසම්පාදනය කිරීමේදී, වෛද්‍යවරුන් විසින් නිර්දේශ කිරීමේදී සහ රෝගීන් සඳහා භාවිත කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
සීමිත සම්පත් උපරිම ප්‍රතිලාභයක් ලැබෙන පරිදි භාවිත කරමින් රෝගීන්ගේ අවශ්‍යතා සපුරාලීම සෞඛ්‍ය සේවාවේ ප්රමුඛ වගකීමක් වන බැවින්, ඒ සම්බන්ධයෙන් වෘත්තීයමය මෙන්ම තාක්ෂණික අදහස් හා යෝජනා ඉදිරිපත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd