
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වාහනේක යන්න පුළුවන් ප්‍රමාණය තීන්දු කිරීමට රජයට බලයක් නැතැයි ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
“අපි කියන්නේ ඒ යන සියලු දෙනාට සීට් බෙල්ට් එකක් හදාගන්න කියන එකයි” යැයිද ඔහු කීය.
අමාත්‍යවරයා මෙසේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙසේද පැවැසීය.
වාහනේ සීට් ගාණ ගනින්න අපි යන්නේ නැහැ. හතරද තුනද කියන්න නියාමනය කරන්න අපිට බලයක් නෑ.
අපිමේ මේ තීරණය ගත්තේ මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන්.පහුගිය දිනයක දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් සිද්ධ වුණා. සීට් බෙල්ට් දාපු කාටවත් ලොකු හානියක් වුණේ නැහැ. වැඩිහානිය සිද්ධ වුණේ සිට් බෙල්ට් නොදාපු අයටයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රීවීල් එකක ලමයි දොලහක් විතර දාගෙන බණ්ඩාරගම පාරේ ඉස්කෝලකට යනවා දැකල තියෙනවා.
කාර් එකේ 5 දෙනෙකුට යන්න දෙන්නෙ නැති එක නම් අසාධාරණයක්. මැද කෙනාටත් සීට් බෙල්ට් දාන්න කියන එකත් ප්‍රායෝගික නැහැ. දියුණු රටවල පවා වාහනේ යන ඔක්කොම සීට් බෙල්ට් දාන්නේ නැහැ. අධිවේගී මාර්ග කියලා අමුතු එකක් නෙමෙයි. විනයක් ඇතුව එළවන්න ඕනේ. මමත් ඉන්නේ පිටරටක. ලංකාවේ පාරවල් එක්ක ගත්තාම මෙහෙ ඔක්කොම අධිවේගී මාර්ග තමයි. හැබැයි වාහනේ යන ගණන තීරණය කරන්න ආණ්ඩුවකට, විශේෂයෙන් රාජ්‍යයකට බැරිනම් කාටද පුළුවන්? රාජ්‍යයේ පොලීසිය වගේ නියාමන ආයතන තියෙන්නේ ඒකට තමයි. ඒක නම් මෝඩ තර්කයක්. දේශපාලන තර්කයක් මිසක් තේරුමක් ඇති දෙයක් නෙවෙයි.
වාහනයක ගමන් කරන මගීන් ගනන නියම කරනු ලබන්නේ වාහන නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවන්ය. සාමාන්‍ය වශයෙන් රියදුරු ඇතුළුව, ඉදිරිපසු අසුනෙ මගියෙකු සහ පසුපස අසුනේ මගීන් තුන් දෙනෙකුට පහසුවෙන් සහ ආරක්ෂිතව ගමන් කිරීමට පුළුවන් අන්දමට මෙම family vehicles නිපදවීම සිදුවේ. මා පදිංචි මෙරටෙ වාහන ලියාපදිංචි සහතිකයේ එය පැහැදිලිවම සඳහන් කර තිබේ. ඊට වඩා මගීන් ප්‍රවාහනය කරන රියදුරන්ට පොලිස් පරීක්ෂාවකදී කිසිදු සමාවක් නැත, දඩ මුදලක් හො උසාවි යාමට රියදුරාට සිදුවෙයි ... සාඩින් පැක් කරගෙන දුවන වාහන මෙහි නැත. දරුවන් සඳහා විශේෂ ආසන අනිවාර්ය වේ. අවුරුදු 10 දක්වා දරුවන්ට ඉදිරිපස අසුනේ ගමන් කිරීම මෙරටෙ නීතිය අනුව තහනම්ය. වාහන නිෂ්පාදකයන් සවිකරන seat belts වලට අමතරව වෙනත් අමතර පටි සවිකිරීම් ගැන අප අසා නැත. ආසන පටි පැමිනීමට පෙර ධාවනයට එක්වූ වාහනවලට අළුතෙන් පටි සවිකිරීමට අවශ්‍ය නැත ...