
(විමුක්ති එස්. රුද්‍රිගු)
බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සම්බන්ධයෙන් ඉදිරි අයවැයේදී අවධානය යොමු කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟද සාකච්ඡා කළ බව දුම්බර බන්ධනාගාරයේ නිලධාරීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.
බන්ධනාගාර නිලධාරීන් විසින් ඉටුකරනු ලබන විශිෂ්ට සේවය වෙනුවෙන් ඔවුන්ගේ වැටුප් හා දීමනා ඉහළ නැංවිය යුතු බවද අමාත්‍යවරයා පැවසීය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විශාල නිලධාරී පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බවත්, නිලධාරීන්ගේ සේවය මුදලින් තක්සේරු කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය. මේ අතර, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට වන්දි මුදල් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා සියලු පියවර ගෙන ඇති බවත්, ලබන වසරේ ජනවාරි 31 වැනිදා වන විට රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් මාස තුනකට වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටීමට සිදුවන තත්ත්වය වැළැක්වීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd