හිටපු පා.ම ලලිත් එල්ලාවල දේශපාලනයෙන් සමුගනී කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , පානදුර සමගි ජන බලවේගයේ ආසන සංවිධායක මහතා අද (27) දේශපාලන ජීවිතය සමුගන්නා බව සදහන් කලේය. 27 December 2024
නියමුවන් රහිත කුඩා ගුවන් යානයක් ත්‍රි‘මලේ මුහුදු තීරයේ ත්‍රිකුණාමලය මුහුදු තීරයේ පාවෙමින් තිබූ නියමුවන් රහිත කුඩා ගුවන් යානයක් ධීවර කාර්මික පිරිසක් ඊයේ (26) රාත්‍රී සොයාගෙන ඇතැයි වරාය පොලිසිය කියයි. 27 December 2024
අනතුරින් තරුණයෙක් මරුට කලවාන - වතුරාව මාර්ගයේ වෙම්බියගොඩ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී යාමෙන් සිදු වු රිය අනතුරකින් තරුණයකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා කලවාන මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රත්නපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බව කලවාන පොලිසිය පැවසිය. 27 December 2024
සොරකම් කළ යතුරුපැදි සමඟ හතරක් අල්ලයි සොරකම් කරන ලද මෝපේඩ් වර්ගයේ යතුරු පැදි නමයක් සමඟ පුද්ගලයින් හතර දෙනෙක් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය හා අම්බලන්තොට පොලිසිය එක්ව ඊයේ (26) අත් අඩංගුවට ගෙන ඇත. 27 December 2024
මුහුදේ ගසාගෙන ගිය සංචාරකයෝ 5ක් බේරා ගැනෙති හික්කඩුව නාරිගම සංචාරක වෙරළ තීරයේ දිය නාමින් සිටියදී දියවැලකට හසුවී ගසාගෙන ගිය දරුවන් සිව් දෙනෙකු ඇතුළු විදේශිකයන් පස් දෙනෙකු පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන ඇත. 27 December 2024
අද සිට 29 දක්වා කොටුව - බදුල්ල අතර විශේෂ දුම්රිය සේවා අද (27) හෙට (28)සහ අනිද්දා (29) දක්වා කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව අතර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 27 December 2024
ඡන්දෙට එනවනම් විභාග සහතික අනිවාර්යයි? මැතිවරණ වලට තරග කිරීමට පෙර අපේක්ෂකයන් අධ්‍යාපන හෝ වෙනත් සුදුසුකම් සම්බන්ධයෙන් දත්ත පත්‍රිකාවක් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදීම අනිවාර්ය කිරීමේ ක්‍රමවේදයක් සකස් කළයුතු බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ වෙනත් බහුජන සංවිධාන රැසක් මැතිවරණ කොමිෂන් සභා ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 27 December 2024
ජනපති රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත. 27 December 2024
පළාත් රැසකට අද වැස්ස උතුරු, උතුරු - මැද නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි 27 December 2024
වාහන පරීක්ෂාවට ගිය පී.සී. ලොරියට යටවී මරුට හබරණ ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව මංසන්ධියේ වාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් සැරයන්වරයකු වාහනයක ගැටී මරුමුවට පත් වී පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා හබරණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 27 December 2024
ඉන්දියාවේ හිටපු අගමැති මං මෝහන් සිං අභාවප්‍රාප්ත වේ ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ මන්මෝහන් සිං මහතා නවදිල්ලි රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදි අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 27 December 2024
මින්නේරියේදී වාහනයක පිළිස්සුණු අයගේ තොරතුරු ටිකක් හමුවේ පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය ප්‍රදේශයේදී ගිනිගත් කැබ් රථයේ තිබී පිළිස්සිී මියගොස් ඇත්තේ ගම්පහ දෙකටන ප්‍රදේශයේ පදිංචි අවුරුදු හැටහතරක් වයසැති පිරිමි පුද්ගලයකුගේ යැයි බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බව මින්නේරිය පොලිසිය සඳහන් කරයි. 27 December 2024
පුද්ගලික බසයට යටවී යතුරුපැදිකරු මරුට කොල්ලූපිටිය ගාලු මෝදර හෝටලය ඉදිරිපිටදී අද (26) දහවල් පුද්ගලික බස් රථයකට යටවීමෙන් යතුරු පැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගිය බව කොල්ලූපිටිය පොලිසිය කියයි. 26 December 2024
පියුමාලීගේ පෙර ඇප ඉල්ලුමට පොලිස් ලොක්කා උසාවි කැඳවයි ඩොලර් ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ පනහක මුදලක් ව්‍යාපාරිකයකුගෙන් ලබාගෙන වංචා කළේ යැයි කියන තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි පියුමාලී නැමැත්තියට පූර්ව ඇපයක් නියම නොකිරීමට හේතු ඇත්නම් ලබන 02 දින අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහාවත්ත මහත්මිය මිරිහාන විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කරමින් නියෝග කළාය. 26 December 2024
ලොව වයස් ගතම සංගීත කණ්ඩය ලොව වයස්ගතම ගී ගායන කණ්ඩායමට හිමි ලෝක වාර්තාව ’’ප්‍රයිම් ටයිමර්ස්’’ නම් ගායන කණ්ඩායම පසුගියදා හිමිකර ගත්තේය. ’’ප්‍රයිම් ටයිමර්ස්’’ ගායන කණ්ඩායමේ සාමාජිකයන් 17 දෙනෙකු සිටින අතර ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 87 ත් 99 ත් අතර වේ. 26 December 2024
ප්‍රේමණීය ප්‍රියා අවසන් වරට ගුවන් විදුලියට එයි අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයට රැගෙන ආවේය. 26 December 2024
ලංවිම වෘත්තීය සමිති නායකයන් 62 කට සියලු දීමනා ලැබෙයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව පසුගිය වසරේ අඛණ්ඩ විරෝධතාවයක් පැවැත්වීම හේතුවෙන් වැඩතහනම් කර දිමනා සහ වරප්‍රසාද අහිමි කළ එම මණ්ඩලයේ වෘත්තිය සමිති නායකයන් 62 කට අහිමි වූ සියලුම දීමනා සහ වරප්‍රසාද සමඟින් අද (26) නැවත සේවයේ පිහිටවූ බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 26 December 2024
ලක් ක්‍රීඩාවට සහය දෙන්න කියුබාව පොරොන්දු වෙයි කියුබානු මහකොමසාරිස් ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලේස් ගැරිඩෝ මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (26) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවත්විණි. 26 December 2024
බීමත්ව රිය පැදවුවහොත් අවුරුද්දක තහනමක් බීමත්ව රියපැදවීමේ චෝදනාවට අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය වසරක කාලයක් අත්හිටුවීමට හෝ රියදුරු බලපත්‍රය අවලංගු කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 26 December 2024
දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක් දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. 26 December 2024
සහල් නිෂ්කාශනය ආරම්භයි ආනයනික සහල් නිශ්කාශන කටයුතු රේගුව නැවත ආරම්භ කළ බව අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා අද (26) පස්වරුවේ පැවසීය. 26 December 2024
හරි පාරෙන් ඊශ්‍රායලයට ගිය කණ්ඩායමකට යළි රට යන වරම් නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂි කර්මාන්ත ක්ෂේත්රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමිවූ ශ්‍රී ලාංකික පිරිසකට ගුවන් ටිකට්පත් පිරිනැමීම ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදු කෙරිණි. 26 December 2024
තව දිස්ත්‍රික්ක තුනක වගා හානි පරීක්ෂා 29දා අවසන් මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක තුනේ වගා හානි පරීක්ෂා කටයුතු මෙම 29 වැනිදා අවසන් කරන බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි. 26 December 2024
ගෙළෙහි ඇණුන ලී දඬුවක් සාර්ථකව ඉවත් කරයි ගෙළෙහි ලී දඬුවක් ඇනී අසාධ්‍යව වවුනියාව රෝහලට අැතුළත් කළ පුද්ගලයකුගේ එම ලී දඩුව සැත්කමකින් සාර්ථකව ඉවත් කර රෝගීයාගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කළ බව වවුනියාව රෝහල පවසයි. 26 December 2024
’’කුඩු ලෝලියා ඇල්ලුවට කුඩු මුදලාලි ඇල්ලුවේ නෑ’’ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැනීම වෙනුවෙන් සියලු පියවර ලබන වසරේ ආරම්භ කරන බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසුවේය. 26 December 2024
අනවසර විදුලි රැහැනේ පැටලී මරුට කොස්ගොඩ පැලෑගස්පළාත ප්‍රදේශයේ වගා ආරක්ෂා කර ගැනිම සඳහා වෙල් යායක ඇදතිබු අනවසර විදුලි රැහැනක පැටලි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) සොයාගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි. 26 December 2024
සමූපකාරය සැබෑ මහජන සේවාවක් කරනවා සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පැවසීය. 26 December 2024
අත්නොමතික මාරු කිරීම් සොයන්න සජබෙන් විශේෂ ඒකකයක් රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතිකව සිදු කරනු ලබන සියලුම මාරු කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබේ. 26 December 2024
රිය අනතුරින් සිඟිත්තිය මරුට යාපනය නුවර එ නවය මාර්ගයේ කිලිනොච්චිය නගරයේදී ටිපර් රථයක් යතුරු පැදියක ගැටී ඊයේ (25) සිදුවූ අනතුරකින් වයස අවුරුදු දෙකක කුඩා දැරියක මියගොස් අැගේ මව, පියා සහෝදරිය අැතුළු තිදෙනකු තුවාල ලබා රෝහල් ගතකොට අැතැයි කිලිනොච්චිය පොලිසිය කියයි. 26 December 2024
අඩු ආදායම් ලාභීන්ට නිවාස දෙන්න චීනයෙන් කෝටි 2,200ක් ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට බෙදාදීමට නිවාස ඒකක 1,888 සහ ප්රවිණ කලාකරුවන් සඳහා නිවාස ඒකක 108 ක් ඉදිකිරීමට චීන ආණ්ඩුව යුවාන් මිලියන 552 ක් හෙවත් රුපියල් කෝටි 2,,200 ක ප්‍රදානයක් දෙයි. 26 December 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026