IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ට්‍රම්ප් - ෂී ජින්පින් දුරකතන සාකච්ඡාවක

(විමුක්ති එස් රුද්‍රිගු)

චීන ජනාධිපති ෂී ජින්පින් හා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකතන සංවාදයක්  සිදුව ඇති අතර එහිදී එකිනෙකාට චෝදනා එල්ල කර ගැනීම හේතුවෙන් අතරමග නැවතී තිබූ දෙරට අතර වෙළෙඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට නායකයන් එකඟ වී ඇත.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සති ගණනක සිට ෂී ජින්පින් සමග සංවාදයක් ගොඩනගා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටියේය. පසුගියදා ලෝක බලවතුන් දෙදෙනා අතර ඇතිවූ විනාඩි 90 ක දුරකතන සංවාදය හේතුවෙන් දෙපාර්ශවය අතර ඇරඹී වෙළෙඳ යුද්ධයට තාවකාලික විරාමයක් ලබා ගැනීමට හැකියාව ලැබී ඇතත් ඉන් දෙරට අතර හටගෙන ඇති ගැඹුරු බෙදීම්වලට ස්ථිර විසඳුමක් ලබා ගැනීමට හැකියාව ලැබී නැත.

එහිදී දෙරටම ජාතික ආරක්ෂාවට ඉතාමත් වැදගත් ලෙස සළකන සැපයුම් දාමය පිළිබඳ එකඟතාවයකට පැමිණීමට මෙන්ම අවි ආයුද, මෝටර් රථ ඇතුළු උසස් තාක්ෂණික නිෂ්පාදන සඳහා යොදා ගන්නා දුර්ලභ ඛනිජ අපනයනයන් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නායකයන් දෙදෙනාට හැකියාවක් ලැබී නොමැත.

දුරකතන සංවාදයේදී ගෝලීය ආර්ථිකයට බාධා එල්ලවන වෙළෙඳ ක්‍රියාමාර්ග ගැනීමෙන් වළකින ලෙසද චීන ජනාධිපති ෂී ජින්පින් ඇමෙරිකානු ජනාධිපතිවරයාට දැනුම්දී ඇතැයිද පැවැසෙයි.

චීනය සහ ඇමෙරිකාව අතර දුර්ලභ ඛනිජ සම්බන්ධයෙන් මතභේදයක් හටගෙන ඇති අවස්ථාවක මෙම දුරකතන සංවාදය හටගෙන ඇත.

එසේම දුරකතන සංවාදයේදී ඇමෙරිකානු ජනාධිපතිවරයාට චීනයේ සංචාරයක නිරත වන ලෙසත් චීන ජනාධිපතිවරයාට ඇමෙරිකාවේ සංචාරයක නිරත වන ලෙස රාජ්‍ය නායකයන් දෙදෙනා එකිනෙකාට ආරාධනය කර තිබේ.

 



අදහස් (0)

ට්‍රම්ප් - ෂී ජින්පින් දුරකතන සාකච්ඡාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site