
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන් මෙන්ම රජයේ උසස් නිලධාරීන් පනහකට වැඩි පිරිසක් පසුගිය දිනවල පන්සල් දේවාල සහ කෝවිල් ගණනාවකට ගොස් පුද පූජා පවත්වා සෙත් ශාන්ති කරවාගෙන ඇතැයි ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
මෙසේ පුද පූජා පවත්වා ඇති වැඩි පිරිසක් විවිධ දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෝ වෙති.
පසුගිය දිනවල කතරගම දේවාලයට පමණක් හිටපු දේශපාලඥයන් විස්සකට වැඩි පිරිසක් පැමිණ පුද පූජා පවත්වා ඇතැයි එම දේවාල ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර විවිධ චෝදනාවලට ලක්ව සිටින රජයේ උසස් නිලධාරියෙකු පසුගිය දිනක විශේෂ ආරක්ෂාවද සහිතව ගොස් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන එම ප්‍රදේශයේ නායක භික්‍ෂූන් වහන්සේලාද හමුවී ආශිර්වාද ලබාගෙන ඇතැයි වාර්තාවේ.
එසේම ඉන්දියාවට ගොස් සිටින හිටපු දේශපාලඥයකුද එරට කෝවිලකදී මහා පරිමාණයේ පූජාවක් පවත්වා ආශිර්වාද ලබාගෙන ඇත.
විවිධ දූෂණ සහ වෙනත් අක්‍රමිකතා සම්බන්ධයෙන් දේශපාලනඥයන් ඇතුළු රජයේ නිලධාරීන් විස්සකට ආසන්න පිරිසක් පසුගිය දිනවල අත්අඩංගුවට ගැනිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකන් කරනකොට දෙවියෝ මතක් වෙන්නේ නැහැ.
ඔව් ත්‍රස්ත කල්ලියකට සම්බන්ධ ආයුධ කන්ටේනර් 300ක් රට ඇතුළට ඇවිත් කියලා තියෙන ප්‍රවෘත්තිය ඇහුවාම පන්සල් දේවාලවල දෙවියන්ගේ පිහිට යදිනවා ඇරෙන්න මොකක්ද කරන්න පුළුවන්...?
හතරවරම් හොරාකාපු අයට දෙවියන් ආරක්ෂාව දෙනවා නම් ඉතින්... එක්කෝ ඕන නැහැ...
කාටත් ආගම දහම මතක් වෙන්නේ පව් පළදෙන්න ගත්තාම. ඒක ඒ ආණ්ඩුවද මේ ආණ්ඩුව ද කියලා නෑ. නිරය පිරෙනවා.
ඔය බය තිබුණා නම් ඉවරයිනේ හොරා කනකොටත්. මෙහෙදි මොනවා වුනත් ස්ථිර වශයෙන් හරිම දඬුවම ලබෙන තැනක් දවසක් එනවා... හැමෝටම වැරැදි කරපු. මෝඩයෝ පවට බය නෑ. විපාක ලැබෙනකොට අඬනවා.
මේ ආණ්ඩුව සමග අපට කීරීම අවුලක් නැත. ඉදිරියට වුණොත් මැතිවරණයකදී බලාගමු..
පුහුල් හොරා කරෙන් දැනේ...
රජකම් කෙරුවත් කළකම් පළදෙනවාමයි. හිටපු දූෂිත නායකයෝ ජනතා බදු මුදල් හොරාකාලා තිරුපති ගිහින් පුද පූජා පැවැත්තුවා. අරලියගහ මන්දිරයේ හැම පෝයටම ධර්ම දේශනා කළා. පන්සල් වන්දනාවේ ගියා. මිත්‍යා විස්වාස හිස් මුදුනින් පිළිගත් අය වැළමිට දක්වා පිරිත් නූල්, ඇගිළි පහේම ජීවන් කරපු මුදු වසීබෝල දාගෙන උන්නේ.. වැඩක් වුණාද...?
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සල්ලි දීලාවත් අරගන්න බැරි හොඳ ඔත්තුවක්...!
පවුකාර මුදලට පන්සල ළඟ වුවත් නිර්වාණය දුරයි...
අර ගුනරත්න කියලා අදහස් දාන පොරත් දේවාල ගානේ යාවි අනුගාමිකයින් ඔක්කෝම හිරේට ගියාම.... නියම බයි රජෙක් රාජපක්ෂ අසූචි පුච්චන් කන..
දෙවියන් වුණත් පිහිට වෙන්නේ නිදොස්, අසරණ අයට වුණත්, හොරුන්ට, වංචා කාරයින්ට නොවන බව මේ ගොබ්බයින්ට තේරුණේ නැද්ද? මොන හොරා වුණත් දේවාල වලට ආවොත් දේවාල වල දොරවල් ඔවුන්ට වසා දමන්නේ නැහැ. හොරකම් කළ සල්ලිවලින්ද දෙවියන්ට පඬුරු තියන්නේ..? එවැනි පඬුරු දෙවියන් පිළිකුල් කළත්, කපුවන්ට නම් ෂෝයි තමයි...!
රටකාපු හැතිකරේට කඩේයන, මෙතැන අම්මා මෝ නැතිව වැළලෙන ඩෝබිලා සෙට් එකත්, උදේ හවස පන්සල් දේවාල ගානේ ගිහිං සෙත් ශාන්ති කරවා ගත්තොත් හොඳයි. මොකද, සාපේ කියන එක වදිනවා, වදිනවාමයි ආයෙත්, ලොවෙත් නැති වෙන්න.
ඔව් වරාය කඩලා කන්ටේනර් 323 ක් පන්නපු හොරු, කෝටි පහේ දේපළ ලක්ෂ 50 ට අඩුවෙන් තක්සේරු කරලා ගත්තු හොරු, හාල් මාෆියා කාරයින්ගෙන් කොමිස් ගන්න හොරු, ටෙන්ඩර් ෆේල් වෙන්න දාන හොරු, රුපියල් 40 ලුණු කිලෝ එක 250ට නග්ගලා කොමිස් ගහන හොරු, සතොස හොරු සියළු දෙනා යනවා ඇති පෝලිමේ...!
ගුණරත්න කියන්නේ නූගත්, අමනෝඥ සහ අනෙකුත් සමාන දේවල් අඩු කෙනෙක්ද? උපන් හැටිද මේ සඳහා ඔහු එය සාමාන්‍ය දැනුම බිංදුවයි... මිනිස්සු ගවයෝ කියලා හිතාගෙන ඉන්නේ නේද?
මේ වැඩේ දිගටම යනවා. පරණ කට්ටිය දැන්. දැන් කට්ටිය පසුවට... දෙවියෝත් හොල්මන් වෙන වැඩේ.
ඥාණක්කා ගාවට කවුරුවත් ගිහින් නැද්ද? පොල් ගණන් නිසා සීනිගම ගියේ නැහැලුනේ... නේ...
නඩු හබ වලට පැටලෙන්නේ නැතුව ගොඩින් බේරුනොත් පූජා කරන්න ලොකු ලොකු ගණන් පොරොන්දු වෙන්න ඇති නේද?