
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අනුරාධපුර මහාධිකරණයෙන් වරදකරු කළ තවත් අධිකරණ කිහිපයක අධි චෝදනා විස්සක් පවතින අයකුට ජනාධිපතිවරයා වෙසක් පොහොය දිනයේදී ජනාධිපති පොදු සමාවදී ඇතැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ජනාධිපති පොදු සමාව ලබාදෙන ක්‍රමවේදය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ගණනාවකින්ම පෙන්වාදී ඇතත් ඒ වායෙන් පාඩම් උගෙන ගෙන නැතැයිද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ කෝසල නුවන් ජයවීර මහතා ඇතුළු අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් සිවු දෙනකු වෙනුවෙන් පැවැති ශෝක යෝජනා පිළිබඳ විවාදයේදීය.
අජිත් පී පෙරේරා මහතා මෙසේද පැවසීය.
අනුරාධපුර මහාධිකරණයේ එච්සී 69 2018 කියන නඩුවේදී 2025 5 25 දණ්ඩන නීති සංග්‍රහය 386 යටතේ වරදකරු කරන ලද අතුල සේනාරත්න නමැති අය වෙසක් පෝය දවසේ වර්තමාන ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති සමාවක් දීලා තියෙනවා.
ඉතාම බරපතලයි. සිර දඬුවම් නියම වූ තැනැත්තෙකුට. යුක්තිය ඉටු විය යුතු තැන්වෙලා අයිතිය ඉටුවන තැනක් බවට පත්වෙලා. තව නඩු තියෙන ුයෙකුට ජනාධිපති සමාව ලැබෙන තත්වයක් ඇතිවෙලා. ජනාධිපති සමාව දෙද්දී අනුගමනය කළ යුතු ක්‍රමවේදය ශේෂ්ධිකරණ නඩු තීන්දු කිහිපයකින්ම අනාවරණය කළා. සමහරුන්ට වන්දි ගෙවන්නක් නියම කළා. ඒ පාඩම් ඉගෙන ගන්න නැතුව තවදුරටත් ඒවා වෙනවා.
ඔහුට තවත් අධි චෝදනා විස්සකට වැඩි ප්‍රමාණයක් තියෙනවා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා.. ඒකට කම්ක්නෑ අපි මාලුමාමට.
අනේ මෙහෙම පෙරකදෝරුවෙක්..., ඔය නම් ජනාධිපති පෞද්ගලිකව තෝරලා යවනවාද? කව්රු හරි වැරැදි විදියට නමක් දාලා ඇති, එක හොයලා බලලා චෝදනා කරන්න. අනුර අනුරාධපුරයේ ඕක අනුරාධපුරයේ වුණා කියලා එක එකට ගැටගහන්න එපා...
ඊයා අනුර!. එයාම උත්තරයක් දෙනකම් ඩෝබිලා හෝදන්න ඉක්මන් වෙන්න එපා.
මේ වැඩේ නම් බරපතල වරදක්!! අනුර ජනාධිපතිවරයා නොමග යවන නිලධාරීන් කවුරුන්ද යන්න සොයාගෙන ඔවුන්ට නිසි දඩුවම් වහාම දිය යුතුමයි! මේ වැරදි කරුවා නැවතත් සිර ගතකොට වැරද්ද නිවැරදි කොට ජනතාවට කනගාටුව පළ කලයුතුයි!!!
මේ ප්‍රවෘත්තිය දුටු මොහොතේම අනුර ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය බිඳවැටීම වැලැක්විය නොහැක! යුක්තිය වෙනුවෙන් පෙනී සිටින කිසිවෙකුට ඉවසිය නොහැක්කේ ඔහුගෙන් මෙවැනි අමන ක්‍රියා සිදුවෙතැයි සිහිනයකින්වත් නොසිතූ නිසායි.
මාලිමාවේ දලකාරයෙක් වෙන්න ඇති, සාමාන්‍ය මනුස්සයෙක්ට ඔහොම සමාවක් ගන්න ලේසි නැහැ. අධි චෝදනා 20ක් තියෙන එකෙක් කිව්වාම!
අනුර සිහිනෙන්වත් බොරු කියන්නේ නැහැ. පරම සත්‍යය විතරයි කියන්නේ. අනුර මෙහෙම දෙයක් කරන්නේ නැහැ කියලා මම හිතන්නේ නැහැ.
වරදක් කරපු කෙනෙකුට මිසක් නොකල කෙනෙකුට සමාව දෙන්නේ මොකටද? ඒකාලේ වගේ මිනීමරුවෝ ස්ත්‍රී දූෂකයෝ නෙමෙයිනේ නේද?
සජබෙ ඈයොම ආතල් දෙනවා, මඩ බලකායට නිවුස් එක එවනවා, ඊට පස්සෙ හැමෝම විනෝද වෙනවා...
ඒකාධිපති පාලනයකට මුළුරටම ගොදුරු වෙලා. උතුරු කොරියාව වගේ...