IMG-LOGO

වරදකරුවෙක්ට ජනපති සමාව දීලා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අනුරාධපුර මහාධිකරණයෙන් වරදකරු කළ  තවත් අධිකරණ කිහිපයක අධි චෝදනා විස්සක් පවතින අයකුට ජනාධිපතිවරයා වෙසක් පොහොය දිනයේදී ජනාධිපති පොදු සමාවදී ඇතැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ජනාධිපති පොදු සමාව ලබාදෙන ක්‍රමවේදය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ගණනාවකින්ම පෙන්වාදී ඇතත් ඒ වායෙන් පාඩම් උගෙන ගෙන නැතැයිද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ කෝසල නුවන් ජයවීර මහතා ඇතුළු අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් සිවු දෙනකු වෙනුවෙන් පැවැති ශෝක යෝජනා පිළිබඳ විවාදයේදීය.

අජිත් පී පෙරේරා මහතා මෙසේද පැවසීය.

අනුරාධපුර මහාධිකරණයේ එච්සී 69 2018 කියන නඩුවේදී 2025 5 25 දණ්ඩන නීති සංග්‍රහය 386 යටතේ වරදකරු කරන ලද අතුල සේනාරත්න නමැති අය වෙසක් පෝය දවසේ වර්තමාන ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති සමාවක් දීලා තියෙනවා.

ඉතාම බරපතලයි. සිර දඬුවම් නියම වූ තැනැත්තෙකුට. යුක්තිය ඉටු විය යුතු තැන්වෙලා අයිතිය ඉටුවන තැනක් බවට පත්වෙලා. තව නඩු තියෙන ුයෙකුට ජනාධිපති සමාව ලැබෙන තත්වයක් ඇතිවෙලා. ජනාධිපති සමාව දෙද්දී අනුගමනය කළ යුතු ක්‍රමවේදය ශේෂ්ධිකරණ නඩු තීන්දු කිහිපයකින්ම අනාවරණය කළා. සමහරුන්ට වන්දි ගෙවන්නක් නියම කළා. ඒ පාඩම් ඉගෙන ගන්න නැතුව තවදුරටත් ඒවා වෙනවා.

ඔහුට තවත් අධි චෝදනා විස්සකට වැඩි ප්‍රමාණයක් තියෙනවා

 



අදහස් (11)

වරදකරුවෙක්ට ජනපති සමාව දීලා

අමා Friday, 06 June 2025 07:34 PM

හා.. ඒකට කම්ක්නෑ අපි මාලුමාමට.

:       3       4

සෙනෙවිරත්න Friday, 06 June 2025 07:58 PM

අනේ මෙහෙම පෙරකදෝරුවෙක්..., ඔය නම් ජනාධිපති පෞද්ගලිකව තෝරලා යවනවාද? කව්රු හරි වැරැදි විදියට නමක් දාලා ඇති, එක හොයලා බලලා චෝදනා කරන්න. අනුර අනුරාධපුරයේ ඕක අනුරාධපුරයේ වුණා කියලා එක එකට ගැටගහන්න එපා...

:       37       17

යෝගා Friday, 06 June 2025 08:29 PM

ඊයා අනුර!. එයාම උත්තරයක් දෙනකම් ඩෝබිලා හෝදන්න ඉක්මන් වෙන්න එපා.

:       9       29

PGPTHILAK Friday, 06 June 2025 08:59 PM

මේ වැඩේ නම් බරපතල වරදක්!! අනුර ජනාධිපතිවරයා නොමග යවන නිලධාරීන් කවුරුන්ද යන්න සොයාගෙන ඔවුන්ට නිසි දඩුවම් වහාම දිය යුතුමයි! මේ වැරදි කරුවා නැවතත් සිර ගතකොට වැරද්ද නිවැරදි කොට ජනතාවට කනගාටුව පළ කලයුතුයි!!!

:       3       31

PGPTHILAK Friday, 06 June 2025 10:05 PM

මේ ප්‍රවෘත්තිය දුටු මොහොතේම අනුර ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය බිඳවැටීම වැලැක්විය නොහැක! යුක්තිය වෙනුවෙන් පෙනී සිටින කිසිවෙකුට ඉවසිය නොහැක්කේ ඔහුගෙන් මෙවැනි අමන ක්‍රියා සිදුවෙතැයි සිහිනයකින්වත් නොසිතූ නිසායි.

:       3       34

ගුණරත්න Friday, 06 June 2025 10:43 PM

මාලිමාවේ දලකාරයෙක් වෙන්න ඇති, සාමාන්‍ය මනුස්සයෙක්ට ඔහොම සමාවක් ගන්න ලේසි නැහැ. අධි චෝදනා 20ක් තියෙන එකෙක් කිව්වාම!

:       4       7

විපරමා Saturday, 07 June 2025 04:19 PM

මිනීමරලා මරණ දඬුවම නියමවූ අයටත් හිටපු දූෂිත නායකයෝ සමාව දීලා සබාපතිකම් පවා දුන්නා.. පව්ල් පාලන ආණ්ඩුට කාලේ සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කරවපු අය ගැන වහලුන්ට නම් මතකවත් නැතුව ඇති..

:       7       4

Toni Saturday, 07 June 2025 12:49 AM

අනුර සිහිනෙන්වත් බොරු කියන්නේ නැහැ. පරම සත්‍යය විතරයි කියන්නේ. අනුර මෙහෙම දෙයක් කරන්නේ නැහැ කියලා මම හිතන්නේ නැහැ.

:       2       6

Chandima Saturday, 07 June 2025 05:16 AM

වරදක් කරපු කෙනෙකුට මිසක් නොකල කෙනෙකුට සමාව දෙන්නේ මොකටද? ඒකාලේ වගේ මිනීමරුවෝ ස්ත්‍රී දූෂකයෝ නෙමෙයිනේ නේද?

:       4       1

රනේ Saturday, 07 June 2025 06:36 AM

සජබෙ ඈයොම ආතල් දෙනවා, මඩ බලකායට නිවුස් එක එවනවා, ඊට පස්සෙ හැමෝම විනෝද වෙනවා...

:       6       4

prasanna Saturday, 07 June 2025 10:36 AM

ඒකාධිපති පාලනයකට මුළුරටම ගොදුරු වෙලා. උතුරු කොරියාව වගේ...

:       4       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 203 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 356 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 697 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site