
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව වෙනස්කම් කිරීම සඳහා අනුකමිටු 6ක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය කාරක සභාවේදී තීරණය විය.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගනු ලැබිණි.
මේ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකමිටුව ආචාර්ය හරිනි අමරසූරිය (සභාපති), අනුර කරුණාතිලක, රෝහිණී කුමාරි විජේරත්න, ඥානමුත්තු ශ්‍රීනේසන්, සුනිල් රාජපක්ෂ යන මහත්ම මහත්මීහු නියෝජනය කරති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොතලාවල වෛද්‍යපීඨය රටේ සිසුන් ට තහනම් කරමින් අපි අධ්‍යාපනයේ පුනරුදය ආරම්භ කළෙමු. රටට දැයට ආදරය කරන බයියන්ට කේන්ති යන්නට ඇත. එවැනි ඔළමොට්ටළ තීරණ ගන්නේ මොන හරක්දැයි බයියන් අසනු ඇත. හරක්ගෙන් ගොම මිසක් කස්තුරි බලාපොරොත්තු විය නොහැකි වග දන්නේ මං වැනිම තවම මාලිමාවට ළැදි හරකුන් පමණි...
අපි ඇයව මුණගැහුණා, මගේ අත්දැකීම් අනුව ඇගේ හැකියාවන් ගැන මම දන්නවා. අනුර හොඳ නායකයෙක් නෙවෙයි, නමුත් අන්ධ ලෙස මිනිසුන් මත යැපෙනවා. අනුර හරිනිට අධ්‍යාපන අමාත්‍යාංශය දුන්නේ ඇය OUSL එකේ දේශකවරියක් ලෙස සේවය කළ නිසා පමණයි. වෙන කිසිවක් නැහැ. මට කියන්න තියෙන්නේ අපිට විහිළුකාරයෝ ගොඩක් ඉන්නවා, ආණ්ඩුවේ වැඩකට නැති මිනිස්සු ඉන්නවා කියලා විතරයි. අපිට ගොඩක් දුර යන්න තියෙනවා. මේ අය පසුගාමී විහිළුකාරයෝ සහ අකාර්යක්ෂම අය. ඇය KDU එකට කළේ මොකක්ද කියලා හිතලා බලන්න.