
(කේ.පී.සුමනදාස)
ආන්දෝලනයකට තුඩුදී ඇති සෙවනගල ලංකා සීනි සමාගමේ සිදුව ඇති බව කියන මූල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරියකගේ (මූල්‍ය) වැඩ තහනම් කර ඇතැයි සෙවනගල සීනි සමාගමේ පාලන අධිකාරිය කියයි.
ඒම නිෙයා්ජ්‍ය සාමාන්‍යාධිකාරියගේ කාර්යාලයටද ඉකුත් 4 වැනිදා සීල් කර ඒහි ලිපි ෙල්ඛන පරික්ෂා කිරීෙමන් අනතුරුව ඒය ෙපෙර්දා 05 යළිත් විවෘත කර ඇති අතර ඇය ගැන පරීක්ෂණ දිගටම කර ගෙන යන බව එම ආයතනය පවසයි.
ඉකුත් රජය සමයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියාගේ මංගල කටයුත්තක් සදහා කිසිදු ලියවිල්ලක් නොමැතිව රුපියල් ලක්ෂ හැටක් (60 00,000) ලබා දීම , ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඉඩමක ආයතනයේ වියදමෙන් නිවාඩු නිකේතනයක් අයුරින් නිවෙසක් ඉදි කිරීම සදහා විශාල මුදලක් වියදම් කිරීම ආදී චෝදනා රැසක් ඇයට විරුද්ධව පවතින බව පාලනාධිකාරිය පවසයි.
මීට අමතරව ගොවීන් ආයතනයට උක් ලබා දීමෙන් පසු ඔවුන්ගෙන් අය විය යුතු මුදලට අමතරව ශේෂපත්‍ර සකසා ගොවීන්ගෙන් විශාල මුදලක් වංචා කර ඇති බවටද චෝදනා එල්ල වී ඇතැයිද ගොවීන්ගෙන් වංචා කරන ලද මුදල් පිළිබද වෙනම පරීක්ෂණයක් මේ වන විටත් ආරම්භ කර ඇති බවද සෙවනගල සීනි සමාගමේ පාලනාධිකාරිය කියයි.
ෙමි අතර සෙවනගල සීනි සමාගෙමි මීට පෙර ප්‍රධාන තනතුරු දැරූ කීප දෙනකුගෙත් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඉදිරි දින කීපයේ ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම මුල්බැසගත් රටක්නේ මේක නම්...
මේ ගෑණුත් පන්සිල් පද 5ම කඩාගන්නවා...
ඉන්දියන් සාගරයේ රාජ්‍ය හොර ඇටය...
සීනි වලට කුඹි වහලා, මරියො මාරියෝ...
දැන් පැහැදිලියි හිටපු ගමන් එළියට බැස්සේ ඇයි සේවකයෝ කීප දෙනෙක්..? හ්ම්ම්,, මේ වගේ දේවල් වලට උත්තේජන දෙන්නේ ඇයි කියලා දැන් තේරුම් ගන්න පුළුවන් නේද..?
අපගේ ගරු ජනාධිපතිතුමනි, ජාතික විගණන කාර්‍යාලය සහ FCD ආයතන දෙකම උපරිම ශක්තිමත් කරනු මැනවි. ඔබ සැමට තෙරුවන් සරණවේවා...!
මොවුන් නීතියෙන් වරද කරුවන් වුනහොත් නම ප්‍රසිද්ධ කර මින් ඉදිරියට, රජයේ හෝ පුද්ගලික අංශයටවත් වද්ද නොගැනීමට කටයුතු නොකළ යුතුයි.
කිසිම හිරික්තියක් නැතුව අම්මා අප්පාගේ භුදලේ වගේ මහජන මුදල් වියදම් කරපු , නාස්ති කළ පිරිසක් හිටියා. මෙයත් එහෙම කෙනෙක් වෙන්න ඕනේ.